කොරෝනා වසංගතය නිසා 20-20 අසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වයත් ලංකාවට හිමිවන ලකුණු

https://www.gossiplanka.com/2020/06/20-20-asia-cup-srilanka.html
පකිස්තානයේ සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම වසරේ 20-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවධානය යොමු වී තිබෙනවා. ඒ එම රටවල ඉතා දරුණු ලෙස නව කොරෝනා වෛරසය පැතිර තිබීම හේතුවෙන්. මෙම තරඟාවලිය ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ ‍රැස්වීමක් ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා. එහිදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ සඳහා පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද එකඟතාව හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසන්නේ මේ සඳහා ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලබා ගත යුතු බවයි.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu