කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුල හුදකලා කර තිබූ සියළුම ප්‍රදේශ මේ වන විට යළි විවෘත කර ඇති බවයි  යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතා පවසන්නේ. 

හුදකලා කර තිබූ අවසන් ප්‍රදේශ දෙක වන  කෙළඹ, බණ්ඩාරනායක මාවත සහ ජා ඇළ, සුදුවැල්ල යන ප්‍රදේශ අද උදෑසන සිට යළි විවෘත කිරීමත් සමඟම මෙරට කිසිදු ගම්මානයක් හුදෙකලා කර නොමැති බව යුද හමුදාපතිවරයා පවසනවා. 

 පසුගිය අප්‍රේල් මස 5 වන දා ජාඇල සුදුවැල්ල ගම්මානය හුදකලා කරනු ලැබුවේ එම ප්‍රදේශයේ පදිංචිව සිට 25 හැවිරිදි තරුණයෙක් කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමත් සමඟයි. එසේම කොවිඩ් -19 රෝගය ආසාදිත රෝගීන් විශාල ප්‍රමාණයක් සිටි කොළඹ - 12 බණ්ඩාරණායක මාවත ප්‍රදේශය ද මේ දක්වා හුදකලා කර තිබුණා.