gossip news srilanka
මොර‍ටුව එගොඩ උයන ප්‍රදේශයේ දී ඇඳිරි නිතිය පවතින අවස්ථාවේ පොලිස් අණ නොතකා ධාවනය කළ මොටර් රථයකට පොලිසීය විසින්  වෙඩි තබා තිබෙනවා. එම වෙඩි තැබීමෙබ්න් තිදෙනෙකු තුවාල ලබා ඇත් බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා පානදුර රෝහලට ඇතුළත්කිරීමෙන් අනතුරුව එක් අයෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා තිබෙනවා. 

ඇඳිරි නීතිය අවස්ථාවේ දී පොලිස් අණ නොතකා ධාවනය කිරීම සම්බන්ධයෙන් රියදුරා ඇතුළු සියළුම දෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා.