තරුණයෙකු හදිසියේ මිය යාමත් සමඟම අරණායක ප්‍රදේශය වසා දැමේ

gossip lanka
අරණායක ප්‍රදේශයේ කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් ලෙස පැතිර යාමේ අවදානමක් ඇති හෙයින් එම පොලිස් බල ප්‍රදේශයට අද දිනයේ ඇඳිරි නීතිය ලිහිල් කිරීම අත් හිටවනු ලැබුවා.

මෙසේ වසංගත තත්ත්වය පිළිබඳ අවදානමක් ඇති වී තිබෙන්නේ අරණායක දෙබත්ගම තරුණයෙකු හදිසියේ රෝගි තත්වයකින් මිය යාමයි. මෙම තරුණයාගේ වෛද්‍ය වාර්තාව තවමත් පරීක්ෂණ මට්ටමේ තිබුණ ද ඇති විය හැකි තත්ත්වය මඟ හරවා ගැනීමට මෙසේ අරණායක පොලිස් බල ප්‍රදේශයට  ඇතුලූ වන ප‍්‍රධාන මාර්ග සියල්ලම  මාර්ග බාධක යොදා වසා දමා තිබෙනවා.

අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් සහ ඇදිරි නිතී බලපත‍්‍ර සහිත පුද්ගලයන්ට සහ වාහන වලට පමණක් මෙම ප්‍රදේශයට ඇතුළු වීමට අවසර දී තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu