මේ වනවිට අමෙරිකාවෙන් වාර්තාවන කොරොනා වෛරස් ආසාදිත මරණ 25,000 ඉක්මවා තිබෙන අතර රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 6 ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් අමෙරිකාවෙන් වාර්තා වූ මරණ ගණන 2129ක්.මෙය ද්නකදී රටක් තුල සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වනවා.  

තත්ත්වය මෙසේ බැරෑරුම් අතට හැරෙන අතර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් යටතේ ඇති පරිපාලන අංශවලට දැනුම් දී තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලබාදීම වහාම නතරකරන ලෙසයි. නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසි ලෙස පාලනය කිරීමේ රාජකාර්ය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැර හැර ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කරනවා. 

චීනයේ නව කොරෝනා වෛරසයේ සැබෑ තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසන් කළ බව අමෙරිකානු ජනාධිපතිවරයා ඔවුන්ට දිගින් දිගටම චෝදනා එල්ල කළා. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප‍්‍රධානී ටෙඞ්රෝස් ඇඩනම් සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර මේ පිළිබඳව වාග් සංග්‍රාමයක් ද ඇති වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සතු විශාලතම තනි අරමුදල් සපයන්නා අමෙරිකාව වන අතර මින් ඉදිරියට එම අරමුදල් ලෝක සෞඛ්‍ය සංවිධානයට නොලැබී යනු ඇති.