නව කොරෝනා වෛරසය නිසා ලොවපුරා දරුවන්ට තවත් වසංගතයක් පැතිර යාමේ අවදානමක්

gossip lanka news about risk
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබෙන්නේ පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිටින දරුවන් මිලියන 100ක් පමණ සරම්ප රෝගයට ගොඳුරු වීමේ අවදානමක් ඇති බවයි. මෙයට හෙතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග හමුවේ ලෝකයේ බොහෝ රටවල ප්‍රතිශක්තිකරණය ක්‍රියාවලිය අඩපණ වීමයි. 

විශේෂඥයින් පෙන්වා දෙන ආකාරයට මෙම අවදානමට වැඩි වශයෙන් ලක් වී ඇත්තේ අඩු හා මධ්‍ය ආදායම්ලාභී රටවල්ය. මෙක්සිකෝව, කාම්බෝජය, නයිජීරියාව ඇතුලු රටවල් 24ක් පමණ මෙලෙස ප්‍රතිශක්තිකරණය අඩපණ වීමේ අවදානමට ලක්ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu