ද (25) දිනයේ දක්වා නව කොරෝනා ආසාධිත රෝගීන් 20 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු රෝගීන් ගණන 440 ක් ලෙසයි වාර්තා වන්නේ.

අද දිනයේ වාර්තා වූ රෝගීන් අතරින් 07 දෙනෙක් කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ ජීවත්ව මේ වන විට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ බණ්ඩාරනායක මාවතේ අද දිනයේ සිදු කළ PCR පරීක්ෂණ වලින් වයස අවුරුදු 12ක දරුවෙක්ටද කොරෝනා ආසාධිත වී ඇති බව තහවුරු වූ බවයි.

මිට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සෙබළුන් සිව්දෙනෙක් ද, තවත් නාවික හමුදා සෙබලෙක් මොනරාගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ආසාධිතයෙක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

අද දිනය වන විට වෛරසයෙන් 118ක් දෙනෙක් සුව වී තිබෙනවා.