ලෝකයම අවදානම් සහගත තත්ත්වයක - එක්සත් ජාතීන්ගේ මහලේකම්

gossip about corona
නව කොරෝනා වෛරසය පාලනය කළ නොහැකිව තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ලොවට අනතුරු අඟවමින් ප්‍රකාශයක් නිකුත් කර සිටිනවා. 

‘‘ලැව්ගින්නක් ලෙස වයිරසයට ව්‍යාප්ත වීමට ව්‍යාප්ත වීමට ඉඩ දුන්නොත් මිලියන ගණනක් මිය යන්න පුළුවන්. විශේෂයෙන්ම ලොව අවදානම් කලාපවලට මෙයින් වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩි’’ යයි ඔහු කියා සිටිනවා.

දුප්පත් රටවලට මෙම වයිරසය  පැතිර ගියහොත් විශාල හානියක් සිදුවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කරනවා. මුළු ලොවම නව කොරෝනා වෛයිරසයට එරෙහිව එක්ව සටන් කර මෙම වසංගතය තුරන්කළ යුතු බව ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu