ශ්‍රී ලංකාව LockDown කරනවා ද? නැද්ද?

gossip srilanka lockdown or not
ඇතිව තිබෙන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේදී අද අදහස් පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ මුළු රටම එකවර නිරෝධායනය කළ යුතු තත්ත්වයකට ශ්‍රී ලංකාවට මෙතෙක් පැමිණ නැති බවයි. මේ ගැන තමන් බොහෝ දුරට සාකච්ඡා කළ බවත් රටට කිසිවකුට ඇතුළු වීම නැවැත්වීම තුළින් වෛරසය පාලනය කළ හැකි වනු ඇති බවත් එම තීන්දුව ගත් බවත් එතුමා තවදුරටත් සඳහන් කරනවා. 

මෙසේ කොරෝනා ව්‍යාප්තිය සිදුව ඇත්තේ සමාජ වගකීමෙන් තොරව පුද්ගලයන් කටයුතු කරන නිසා බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. එසේම විදේශවලින් පැමිණ නිරෝධායන නොවී සිටින අය සොයා නිරෝධායනය කළ යුතු බවද ජනාධිපතිවරයා පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu