මේ දිනවල ව්‍යාප්වතවන කොරෝනා වයිරසය හේතුවෙන් සමාජය තුළ නොයෙක් අන්දමේ අදහස් හුවමාරු වෙමින් පවතිනවා. ඇතැම් අය ප්‍රකාශ කරන්නේ පාන් හෝ වෙනත් බේකරි නිෂ්පාදන ආහාරයට ගැනිමෙන් කොරෝනා වෛරසය ආසාදනය වියහැකි බවයි. එම මතයට පිළිතුරු ලබා දෙමින් IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා කියා සිටින්නේ එසේ ආහාර ද්‍රව්‍ය මඟින් කොරෝනා වෛරසය ආසාදනය නොවන බවයි. 

ඕනෑම ආහාර ද්‍රව්‍යයක් අලෙවි කිරිමේදී එම ආහාර අත් වලින් ස්පර්ශ නොකර අත් ආවරණ පැළඳීම හෝ ආහාර ඇල්ලීම සඳහා උපකරණයක් භාවිතා කිරීම වඩා සුදුසු වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙන්නේ.