දිනකට කොරෝනා වාර්තා වූ කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණය ඊයේ අමෙරිකාවෙන් වාර්තා වුණා. ඒ 17,279ක්. එසේම කොරෝනා ආසාදිතයින් 60,780 වූ වැඩිම ප්‍රමාණය වාර්තා වූයේ ඊයේ දිනයේ දීයි.

අමෙරිකාවට අමතරව ස්පාඤ්ඤයෙන් 8272 ක්, ඉතාලියෙන් 6204 ක්, ජර්මනියෙන් 6615 ක්, ප්‍රංශයෙන් 3923 ක්, එංගලන්තයෙන් 2129, ස්විට්සර්ලන්තයෙන් 924ක්, ඕස්ට්‍රේලියාවෙන් 374 ක්, නෙදර්ලන්තයෙන් 1019 ක්, බෙල්ජියමෙන් 1298 ක්, ඕස්ට්‍රියාවෙන් 1298ක් ද ආසාදිතයින් ඊයේ දිනයේ දී වාර්තා වුණා. 

මේ වන විට ලොව පුරා කොරෝනා රෝගය ආසාදිතයින් සංඛ්‍යාව 532,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව  24073 ඉක්මවා තිබෙනවා. 

ලංකාවේ තත්ත්වය මෙසේ බරපතල වීමට පෙර රජයෙන් සහ සෞඛ්‍ය නිලධාරීන් විස්න් ලබා දෙන උපදෙස් අකුරටම පිළිපඳින ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.