විශ්ව විද්‍යාලය තුළ නවක වධය සම්බන්ධයෙන් නොයෙක් ආරංචි මාර්ග පැතිර යන මේ කාලයේ අළුත්ම ආකාරයේ නවක වධයක් ගැන යාපනය විශ්ව විද්‍යාලයෙන් වාර්තා වනවා. විශ්ව විද්‍යාලයේ සිසුවියන් පිරිසකට නාන කාමර හා වැස්කිළි වෙත ගොස් න්රුවතින් වීඩියෝ දුරකතන ඇමතුම් ලබා ගන්නා ලෙස පිරිමි සිසුන් පිරිසක් පවසා තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය ස්ථාපිත මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසකටයි මෙම බලපෑම සිදු කර ඇත්තේ. එසේ නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම් ලබා නොගතහොත් නැවත විශ්ව විද්‍යාලය වෙත පැමිණීමේදී දැඩි දඬුවම් ලබාදෙන බවට අදාළ සිසුන් කණ්ඩායම සිසුවියන් වෙත බලපෑම් කර ඇති බව විශ්ව විද්‍යාල සිසුහූ පවසා තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාරවරිය  විශ්ව විද්‍යාල පාලකයින් වෙත දැනුම් දී තිබෙන්නේ සිසුවියන් වෙත එලෙස බලපෑම් සිදුකළ සිසුන් කණ්ඩායම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය විනය කටයුතු සිදුකරන බවයි.