2019 වර්ෂය තුළ පමණක් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය ඉහළ දමාගැනීම සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි 33 ක මුදලක් වැයකොට ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් චෝදනා කරනවා. ඒ නිවාස හා ඉදිකිරීම් හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල උදාගම් ව්‍යාපෘතීන් වෙනුවෙන් තම රුව යෙදූ පෝස්ටර් තොගයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුද්‍රණාලයේ මුද්‍රණය කර ගොඩ ගසා තිබියදී සොය ගැනුණු අවස්ථාවේ දී. 

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පහත මාලයේ තිබී එම අධිකාරියේ ලක්ෂ ගණනක මුදල් වැයකොට මුද්‍රණය කර තිබූ ප්‍රචාරක පෝස්ටර් තොගයක් ඊයෙ (17)  සොයා ගනු ලැබුවා. 

මෙම ස්ථානයේ මුද්‍රණය කර තිබූ පොසටර් වලට අමතරව උදාගම් සදහා සමරු කලාප හා ආරාධනා පත්‍ර ද  තිබියදී හමුවුණා.