පාරිභෝග්කයින්ට බාධා කරමින් ජංගම දුරකතන සමාගම් විසින් බලහත්කාරයෙන් එවනු ලබන වෙළඳ දැන්වීම් සහ කෙටි පණිවිඩ වහාම නතර කිරීම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම ජංගම දුරකථන සමාගම් වලට දන්වා  ඇත්තේ එම පණිවිඩ නතර කිරීමට පියවර ගන්නා ලෙස යි.නැතහොත්  ඊට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන ලෙස දන්වා තිබෙනවා. 

ජංගම දුරකතන සමාගම් විසින් එවන මෙවැන් පණිවුඩ නිසා බාධාවන් සිදුවන බවටත් සමහර පණිවුඩවලට මුදල් අය කිරීමක් සිදුවන බවටත් පාරිභෝගික ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගෙන තිබෙනවා. 

පාරිභෝගිකයන්ගේ අනුදැනුමකින් තොරව ක්‍රියාත්මක වන මුදල් අය කරනු ලබන එවන් පණිවිඩද වහා නවතන ලෙස ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. 

විදුලි සංදේශන කොමිෂන් සභාවෙන් ලබා දුන් මෙම නියෝගය සඳහා මෙරට සියලු ජංගම දුරකථන කැමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.