ළඹෙන පකිස්තාන සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එම නිසා පකිස්තාන තරග සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ ‘නැවත තක්සේරුවක්’ සිදුකිරීමට සහාය ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙසේ තර්ජනයක් ඇතිවිය හැකි බව විශ්වාසදායක තොරතුරු ලැබී ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සැපයෙන ආරක්ෂාව පිළිබඳ ක්‍රීඩකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පසුගිය දා පැවැත් වුණා. 

එහිදි ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,දිනේෂ් චන්දිමාල්,තිසර පෙරේරා,කුසල් ජනිත් පෙරේරා,අකිල ධනංජය,සුරංග ලක්මාල්,ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.