ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පොහොට්‍ටුඅට සහාය දැක්වීම සම්බන්ධයෙන් දැන් දැන් නොයෙක් ගැටළු මතු වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දේශපාලන පක්ෂ වල සාමාජිකත්වය ගෙන සහ ඒවාට අනුග්‍රහය දක්වන සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකච්ඡාවක් ද මේ වන විට ඇතිව තිබෙනවා.

වර්තමාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට සහ එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන මන්ත්‍රීවරුන්ට මෙම පරීක්ෂණය කැඳවීමට නියමිතයි.

මෙසේ පරීක්ෂණ සිදු කිරීමට පෙර දෙසතියක කාලයක් නිදහසට කරුණු දෙන්වීමට කාලයක් ලබා දීම සඳහා ඉහළ පෙලේ සාකච්ඡාවක් සිදුව ඇති බවට ද වාර්තා වනවා. එසේ නිදහසට කරුණු නොදක්වන්නේනම් විනය පරීක්ෂණ ක්‍රියාත්මක වීමට යෝජනා වී ඇති බව යි එම ආරංචි මාර්ග කියා සිටින්නේ. 

මෙම ක‍්‍රියාවලියේ අවසානය බොහෝ දුරට එම පිරිසගේ මන්ත‍්‍රී ධුර අහෝසි කිරීම වනු ඇතැයිද එහිදී සාකච්ඡා වී තිබෙනවා.