සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරිපත් කර නැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය එළැඹෙන 30 වැනිදා හෝ ඊට පෙර දැනුම් දෙන ලෙස යි ජනාධිපතිවරයා දන්වා තිබෙන්නේ. 

ඒ අනුව ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එළඹෙන 23දා කරුණු සලකා බැලීමට නියමිතයි. එනිසා ඒ පිළිබඳ ලිඛිත දේශන ඇතොත් 21 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන්නැයි  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙනවා.

මෙම උත්සාහය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් විපක්ෂය සඳහන් කරන්නේ මෙය ජනාධිපතිවරණය කල් දැමීමට සහ ඒ සම්බන්ධයෙන් වූ ප්‍රචාරක වැඩපිළිවෙළ අඩපන කිරීමේ උත්සාහයක් ලෙසයි.