හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පුරප්පාඩු වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා  පත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් ජනාධිපතිගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයකු  පවසනවා. 

එසේ මන්ත්‍රී ධුරයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඇයට ලබා දෙන ලෙස කථානායකවරයාට දැනුම් දෙන්නැයි ද එම ඉල්ලීමේ සඳහන්. 

ජනාධිපතිතුමාගේ  ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා සමුළුවට මේ පිළිබඳව විශේෂ යෝජනාවක්  ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශකර සිටියා