ටොපෝල් එම්. නැමති දිගුදුර න්‍යෂ්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා ඇති බව රුසියාවෙන් වාර්තා වනවා.  මෙය ඇමරිකාවට පහරදිය හැකි බැලස්ටික් මිසයිලයක්. 1980 න් පසු රුසියාව මෙවැනි ප්‍රබල මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ පළමු අවස්ථාව මෙය වනවා.

රුසියාව මෙම මිසයිලය අත්හදා බලා ඇත්තේ කිලෝමීටර 2500 ක් දුරින් පිහිටි කසකස්ථානයේ සැරීෂැගන් ප්‍රදේශය ඉලක්ක කර  ගෙනයි.  රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඊට කිලෝමීටර 11,000 ක් දුර ඉලක්ක කර ප්‍රහාර එල්ල හැකි බවයි. ඇමරිකාවේ සියලු ප්‍රාන්ත ඉලක්ක කරගනිමින් මෙම මිසයිලයට ප්‍රහාර එල්ල කළ හැකි බව විදෙස් වාර්තා සඳහන් කරනවා.