යේ (14) ක්‍රිකට් ලෝක කුසලාන තරඟය ආරම්භ වීමට ප්‍රථමයෙන් ක්‍රීඩා පිටියේ සිදු වූ සිදු වීමක් බොහෝ දෙනාගේ කතා බහට ලක් වී තිබෙනවා. ඒ කුමර් ධර්මසේන විනිසුරුවරයා සහ එංගලන්ත ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ජේසන් රෝයි අතර සිදුවන සුහද කතා බහ හේතුවෙන්.

කුමාර් ධර්මසේනගේ වැරදි තීන්දුවක් නිසා ජේසන් රෝයිට බර්නින්හැම් හිදී පැවැති නවසිලන්ත සහ ඕස්ට්‍රේලියා අතර අවසන් පුර්ව තරඟයේ දි සිය ශතකය අහිමි වුණා. එහි දී කුමර් ධර්මසේන ලබා දුන් දැවී යාමේ  තීරණයට විරුද්ධව පිටියේදී කුමාර් ධර්මසේන සමඟ යම්කිසි සංවාදයක නිරත වුණා. තරඟයෙන් පසු එය අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමක් බවටයි තරග තීරක රංජන් මඩුගල්ල තීරණය කළේ. ඒ අනුව ජේසන් රෝයිට තරග ගාස්තුවෙන් 30%ක දඩ මුදලක් පැනවීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබුණා.