දිවයින තුල දුම්රිය ස්ථාන පනස්තුනක් සඳහා Wi-Fi කලාප අසූනමයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන මඟින් කටයුතුකර ඇත.

දුම්රිය ස්ථාන 53ක් ආවරණය වන පරිදි ලබා දී ඇති Wi-Fi කලාප සම්බන්ධතා පහසුකම් වලින්  Wi-Fi කලාප 49ක් සඳහා අන්තර්ජාල සම්බන්ධතා එක් ආයතනයක් විසින් සපයා දී ඇත. අනෙකුත් අන්තර්ජාල සේවා පහසුකම් සපයන ආයතන දුම්රිය ස්ථානයන්හි Wi-Fi කලාප 24ක අන්තර්ජාල සම්බන්ධතාවන් ලබාදී තිබේ.


Wi-Fi සම්බන්ධතාව ලබා දීමේදී දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි දුම්රිය ස්ථාන සඳහා අන්තර්ජාල පහසුකම් සපයා ඇත. එම Wi-Fi කලාප 89න් 40ක් එනම් සමස්ථ දුම්රිය ස්ථාන සඳහා ලබාදී ඇති Wi-Fi පහසුකම් කලාපයන්ගෙන් 49න් 44ක ප්‍රමාණයක් බස්නාහිර පළාත තුලත්  එයින් කලාප 22ක් කොළඹ දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති දුම්රියස්ථාන 14ක් කේන්ද්‍රගත කර තිබේ.

සබරගමුව පළාත තුල එක් දුම්රිය ස්ථානයකට පමණක් Wi-Fi ආවරණය ලබා දී ඇති අතර එය කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් රඹුක්කන දුම්රිය ස්ථානය වේ.

මධ්‍යම පළාතට අයත් Wi-Fi පහසුකම් සහිත දුම්රියස්ථාන 3 මහනුවර දිස්ත්‍රික්කය තුලත්, වයඹ පළාතට අයත් එම දුම්රිය ස්ථාන 5 කුරුණෑගල දිස්ත්‍රික්කය තුලත්,  ඌව පළාතට අයත් Wi-Fi පහසුකම් සහිත දුම්රිය ස්ථාන 5බදුල්ල දිස්ත්‍රික්කය තුලත් පිහිටා ඇත. මෙම ව්‍යාපෘතියට අදාළ නියාමන සහ පසු විපරම් කටයුතු  විධිමත්ව පවත්වා ගෙන යනු ලබන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මඟින්.