බෞද්ධ සිද්ධස්ථානයක බුදු පිළිම දෙකකට හානි, ප්‍රදේශයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් - Photos

හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඩ වසන හිමිනමක් විසින්  ඊයේ (20) දින හම්බන්තොට මුලස්ඨාන පොලිසියේ පැමිණිල්ලක් ගොනු කළා.
ඒ ඒ එම  බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට  බුදු මැදුරේ තිබු අඩි තුනක් පමණ උස බුදුපිළිම වහන්සේ දෙනමකට ඊයේ සවස කිසියම් අයෙකු විසින් හානි ඉරීම සම්බන්ධයෙන්.

මෙම කටයුත්ත කවුරුන් කුමක් අරමුණු කරගෙන සිදුකල ක්‍රියාවක්ද යන්න මෙතෙක් අනාවරණ කර ගෙන නොමැති බවත් ඒ සමබන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් වාර්තා වනවා. 

කෙසේ නමුත් මේ වන විට එම ප්‍රදේශයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබෙනවා. 







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu