මිනිස්සුන්ට අසනීපයක් වුණාම එකම පිහිට තමයි රජයේ රෝහල. සල්ලි තියන අය පුද්ගලික රෝහල්වලට ගියත් සාමාන්‍ය ජනතාවට පිහිටට ඉන්නේ රජයේ රෝහල් තමයි. අසරණ වුණු මිනිස්සු රජයේ රොහල්වලට ගියාම ඒවායෙ සේවය කරන සමහර අය මේ රෝගීන්ට දක්වන සැලකිල්ල නම් එතරම් කාරුණික බවක් පෙනෙන්නට නැහැ. මොන රෝහලක වුණත් මේ විදියට රෝගීන්ට ආකාරුණිකව සලකන රෝහල් සේවකයින් දකින්න ඉන්නවා.


කොළඹ ජාතික රෝහලේ සේවය කරන සාත්තු සේවිකාවක් රෝගීන්ට ඉතාම ආකාරුණික ලෙස සලකන බව මේ දිනවල ෆේස්බුක් හරහා හුවමාරුවන ආරංචියක්. මේ සාත්තු සේවිකාවගේ ආකාරුණිකකම නිසා අසරණ රෝගී කාන්තාවක් ඉතාමත්ම අපහසුතාවයට පත් වූ බවයි එහි සඳහන් වන්නේ.

ජනතා මුදලින් ආදායම් ලබන මෙවන් ජනතා සේවකයින් ජනතාව වෙනුවෙන් කැප වී සේවය කළ යුතු නොවේ ද? මෙවන් අතලොස්සක් සේවකයින් නිසා ජනතාව වෙනුවෙන් කැපවී සේවය කරන නිලධාරීන් ද අපහසුතාවයට පත්වනු නො අනුමානයි.

අදාළ බලධාරීන් මේ පිළිබඳ නිසි පියවර ගැනීම කාලෝචිතය.