gossiplanka alexa පාරමී ලැබෙන්න ඉන්න කොට දරු ගැබ විනාශ කරන්න මගෙන් කැමැත්ත ඉල්ලුවා - පාරමීගේ මව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාරමී ලැබෙන්න ඉන්න කොට දරු ගැබ විනාශ කරන්න මගෙන් කැමැත්ත ඉල්ලුවා - පාරමීගේ මව

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී පදක්කමක් ජයග්‍රහණය කරදුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ගැන පසුගිය කාලයේදී බොහෝ දෙනාගේ ඇගයීමට සහ කතාබහට ලක්වුනා.
මේ අතර පාරමීගේ උපත හා සම්බන්ධ වුනු සිදුවීමක් ගැන කව්රුත් නොදන්න කතාවක් අපට දැනගන්න ලැබුනා. එ් පාරමීගේ මව වන රීටා මාග්‍රට් සිල්වා විස්තර කල පාරමී මෙළොව එළිය දුටු ආකාරය ගැනයි.

"මගේ හදවතේ එක් නහරයක අවහිරතාවයක් තියෙනවා කියලා දැනගත්තෙ පාරමී දුව කුසට ආවට පස්සෙ. වරින් වර මගේ නහයෙන් කටින් ලේ එන්න පටන් ගත්තා. මේ නිසා මම හොඳටම දුර්වල වුනා. ටික දවසක් යද්දි මට තනියම ඇවිද ගන්න පවා බැරිව ගියා. මහත්තයාගේ සහ මගේ නංගී වසන්තිගේ වාරුවෙන් තමා ඇවිද්දෙ. මට ලැබෙන්න ඉන්න දරුවගේ ජීවිතේ තියෙන්නෙ හොඳටම අවධානම් මට්ටමක කියලා වෛද්‍යවරුන්ගේ කතාබහෙන් මට වැටහුනා.

මේ රෝගී තත්වය නිසා සිදුකළ පරීක්ෂණයකට ඩයි වර්ගයක් සිරුරට ඇතුළු කරා මේ ඩයි එක නිසා දරු ගැබට බලපෑම් ඇතිවී දරුවා ආබාධිත වෙන්න පුළුවන් කියලා දොස්තර මහත්තුරු කිවුවා. දරු ගැබ විනාශ කිරීමට මගෙන් කැමැත්ත ඉල්ලුවා. ඒත් මම කොහොමවත් කැමැත්ත දුන්නෙ නෑ.

ආබාධිත වුනාට කමක් නෑ මම කොහොම හරි දරුවව හදා ගන්නම් කියමින් එදා වෛද්‍යවරු ගෙන ආ යෝජනාව මම ප්‍රතික්ෂේප කරා. එදා දොස්තර මහත්තුරුන්ගේ කීමට එකඟවුනානම් අද පාරමී කෙනෙක් නැහැ. ඒ වගේම අපේ රටට මේ වගේ ජාත්‍යන්තර තරඟ වලින් ජයග්‍රහණ අරගෙන දෙන්න මලළ ක්‍රීඩිකාවකුත් නැහැ. එදා මම ඒ වගේ තීරණයක් නොගත්ත නිසා ඒක අපිට විතරක් නෙවෙයි රටටම වාසනාවක් වුනා‘‘

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu