Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 21 දින දක්වා දීර්ඝ කිරීමට කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා කෙරෙන ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණවලට පරිබාහිරව වෙනත් ආකාරයකින් පරීක්ෂණ සිදුකල හැකි පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබෙනවා. 

ත්‍යාවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ ‍තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. 

සම්පූර්ණ විස්තරය පහතින්.

ජාත්‍යන්තර සංචාරවල යෙදීමට උනන්දුවෙන් පසුවන ශ්‍රී ලාංකිකයන්ට කලින් ගුවන් ප්‍රවේශපත් වෙන් කරවාගෙන මෙම මුදල් වර්ෂයේ ඉතිරි කාලය තුළ විශේෂ සහන ගාස්තුවලට ගුවන් ගමන් සිදු කිරීමේ අවස්ථාව ලබා දීමට එමිරේට්ස් ගුවන් සමාගම කටයුතු කර තිබෙනවා. 

කොරෝනා වෛරසය ආසාදිතයින් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 

හනම් ගමන .....................

මිනිසත්කමට නිගාදෙන සිදුවීම් රැසකින් දකුණු අප්‍රිකා භුමිය ගිනියම් වූ කාල සමයකි එය.වර්ණභේදවාදය මත පදනම්ව ක්‍රීඩක කණ්ඩායම් තේරීම් ප්‍රතිපත්ති මත කළු ජාතිකයින්ට ක්‍රීඩාව පමණක් නොව තම උපන් බිමේ අයිතියද අහිමිව ගියේ අවාසනාවන්ත ලෙසිනි.  කළු - සුදු ලෙස වර්ගීකරණය කරමින් උතුම් මානුෂික ගුණාංග ඇස් පනාපිට උදුරා දැමූ දකුණු අප්‍රිකාවට ජාත්‍යන්තරයේ තරවටුව ක්‍රීඩාව පාර්ශවයෙන් කිසිසේත්ම හිතකර නොවීය.

කුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක් දින ක්‍රිකට් තරඟාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (07) සමත් වුණා. වසර 8කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව ලංකා කණ්ඩායමක් ලද එක්දින ක්‍රිකට් තරඟාවලි ජය මෙය වනවා. 

good news for self employersස්වයං ‍රැකියා නියුක්තික්යන් සහ නව ව්‍යාපාර අරඹන්නන් ලක්ෂ දෙකක් ආර්ථිකමය වශයෙන් නඟා සි‍ටුවීමටත් නව නිෂ්පාදන ගම්මාන 500ක් ආරම්භ කිරීමටත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං ‍රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබෙනවා. 

මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව පුවත්පත් වාර්තා සඳහන් කරනවා. ඔහු මෙම ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැවතත් මහ බැංකු අධිපති ධූරය භාරගැනීම සඳහා බව එම වාර්තාවල වැඩි දුරටත් සඳහන්. 

කුණු අප්‍රිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන C.1.2 කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් එහි පැතිරීමේ වේගය 300%ක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම නිසා මෙරටට වෛරසය ඇතුළුවන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණ වේලාසන ගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පවසන්නේ. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page