Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label President. Show all posts

විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයා ගැනීමට හැකිවන ලෙස උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සම්බන්ධයෙන් කුමන අර්ථකතන පැවතියද සරසවියෙන් පිටතට යන තරුණ තරුණියන්ට රැකියාවක් සොයා ගැනීමට බැරි නම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් නොවන බවයි.

කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සහ නාවික හමුදාවෙන් කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාවක් හමු වුයේ කෙසේ ද යන්න පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය අද (11) ජනාධිපති කාර්යාලයේ හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මෙරිකානු පුරවැසිභාවය අත්හැරී අයගේ නම් අතරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන්ව තිබෙනවා.

එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ මීට පැය කිහිපයකට පෙර මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් යුතුව පසුගිය 26 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කරනද ලිපියට ඊයේ පිළිතුරු ලිපියක් ජනාධිපතිවරයා විසින් යවා තිබෙනවා.

ඒ අනුව එම ලිපියට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මේ වන විට විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවයි.

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය.

කොවිඩ්-19 වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ පූජ්‍ය ධම්මාලංකාර මහා නායක හිමිපාණෝ සහ කාදිනල් හිමිපාණෝ වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කළහ.

න්දියාවේ ජනාධිපති නිල නිවාස වන රාෂ්ට්‍රපති භවන් හි සේවය කරන සේවකයින් 100 දෙනෙක්ට ස්වයං නිරෝධායනය යොමු කර බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

gossip about president deciasion
මගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම ඉයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කළ සකච්ඡාවේ දී ඉල්ලා ඇත්තේ පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසයි. 

gossip about general election
වතින කොරෝවා වයිරස් තත්වය හේතුවෙන් මේ මස 25 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය එදිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම ඉකුත් දා ප්‍රකාශයක් නිකුත් කළා. එය පැවැත්විය හැක්කේ බොහෝ විට මැයි මස 14 වෙනිදායින් පසුව බවත් එම කොමිසම නිවේදනය කළා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03කට පෙර දිනයක පාර්ලිමේන්තුව රැස්වන දිනය ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කළ යුතු වනවා. 

වතින තත්ත්වය මත ජනතා පැමිණි භාර ගැනීම සහ තොරතුරු දැනුම් දීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පහත දුරකතන ඔස්සේ ජනතාවට සම්බන්ධ විය හැකියි.

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල ‍රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි සති දෙකක කාලය ලංකාවට ඉතාමත් තීරණාත්මක විය හැකි බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා අපහසුතාවයට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත පැවරී ඇති බලතල අනුව ජනතාවට සහන ‍රැසක් ප්‍රදානය කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම වැඩි වෙම්න් පවතින කාලයක පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ගැන බොහෝ දෙනා තම නොසතුට පළ කර තිබෙනව අයුරු දක්නට ලැබුණා. එසේ කිරීමට හේතු පහදා දෙමින් අතිගරු ජනාධිපතිතුමා ඊයේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා.

ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ අසීරුතාවය එහිදී පැහැදිලි කෙරුණා. 

ති පූජනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි
කිතුණ, හින්දු ඉස්ලාම් හා අනෙකුත් පූජකතුමන්ලාගෙන් ද අවසරයි
මව්වරුනි, පියවරුනි, දූ දරුවනි

අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය ගැන ඔබ දැනුවත් කිරීමටයි.

gossiplanka
හපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසනය සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින්. 

මාත්‍ය මණ්ඩල රැස්වීමක දී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අමාත්‍යවරුන්ට් අවවාද කර තිබෙනවා. ඒ රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරද්දී ඔවුන්ගේ ආත්ම ගෞරවය හා වෘත්තීය ගරුත්වය රැකෙන ලෙස කටයුතු කරන ලෙස දන්වමින්. 

එසේම එහිදී අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී ඇත්තේ ඇමැතිවරුන් කිසියම් සාකච්ඡාවකට සහභාගී වීමට ප්‍රථම එම විෂය සම්බන්ධයෙන් පූර්ව සූදානමකින් දැනුවත් වී යන ලෙසයි. 

තිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරු සමග ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්වූවා.එහ්දී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ සීග්‍ර ආර්ථික වර්ධනයකට ඉවහල් වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ  යුතු බව යි. 

දේශීය හා විදේශීය රැකියා වෙළෙඳ පොළට ගැළපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිරයා මෙසේද කියා සිටියා.

ශ්‍රී ලංකා පොලිසියේ නිත්‍ය සේවාවේ සිට විවිධ දේශපාලන බලපෑම් මත අසාධාරණයට ලක්ව පොලිස් සේවයෙන් ඉවත් වී විදේශ ගතව සිටින පොලිස් නිලධාරීන් විශාල පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානය වන්නේ ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය යි. එම සංවිධානය තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව පවසා සිටිනවා. ඒ පොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන්.


නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඓතිහාසික නියොගයක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක‍්‍රලේඛයක් මගින් මෙම නියෝගයලබා දී තිබෙනවා. එම නියෝගයට අනුව  අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු, ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස  දන්වා තිබෙනවා. මේ බව ලේකම්වරුන් වෙත ද දැනුම් දී තිබෙනවා. 

ද (07)ඩෙංගු මර්ධක සහාකයින් පිරිසක් ජනාධිපති කාර්යාලය ආසන්නයේ විරෝධතාවයක නිරත වී තිබෙනවා. එම විරෝධතාවය අතරතුර එහි ගිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විරෝධතාකරුවන්ට ලබා දුන් පොරොන්දුව මත සියළු දෙනාගේම උණුසුම් ප්‍රතිචාර ජනාධිපතිතුමා වෙත ලැබී තිබෙනවා.

ත්මන් ආණ්ඩුවටෛදිරි මැතිවරණයෙන් 2/3 ක බලයක් ලබා ගැනිමටනම් එනම් 66%ක් ලබා ගැනිමට ශ‍්‍රීලනිප ඡන්ද ප‍්‍රමාණය ද අත්‍යාවශ්‍ය කටයුත්තක් බව සමාජ ජාල පිටු කිහිපයකම වාර්තා වුණා. එම 2/3 බලය වත්මන් ආණ්ඩුවට ලබා නොගැනීමට කුමන්ත්‍රණයක් පොහොට්ටු පාර්ශවයෙන්ම ක‍්‍රියාත්මක කර ඇති බව  ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුල සාකච්ඡා වනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page