
මේ හේතුවෙන් රෝගීන් අන්ධභාවයට පත් වීමේ වැඩි අවදානමක් පවතින බව එහි වාර්තාවල සඳහන්.
උපුටා ගැනීම
ජාතික ඇස් රෝහල දිනකට රෝගීන් වැඩිම සංඛ්‍යාවක් පැමිණෙන රෝහලකි. ඇස්වලට සිදුවන හදිසි අනතුරු හේතුවෙන් ද ඇසේ සුද මතුවීම හා විශේෂයෙන්ම දියවැඩියා රෝගය උත්සන්න වීමෙන් හටගන්නා දෘශ්‍යාබාධිත හා අන්ධභාවයට එන්නත් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ද එසේ රෝගීහු පැමිණෙති.
ඒ නිසා විශේෂයෙන්ම අක්ෂි රෝහල් ශල්‍යාගාරය කාර්යබහුල වැඩ අධික තැනකි. එහෙත් එහි සම්පූර්ණ පාලනය හා සැත්කම් කාලය වෙන් කිරීම, කරන සැත්කම් සංඛ්‍යාව තීරණය කිරීම මෙන්ම සැත්කම් පටන් ගන්නා හා අවසන් කරන වේලාව තීරණය කිරීම වැනි සියළුම දේ සිදු කරනු ලබන්නේ මේ ''නර්ස් මාෆියාව'' මඟින් වීම කණගාටුවට කරුණක් බවද මේ කෙරෙහි සෞඛ්‍ය බලධාරින්ගේ අවධානය වහා යොමුවිය යුතු බව ද වෛද්‍යවරු පවසනවා.
මෙ අදිනවල පවතින කොරෝනා වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ ආරක්ෂාවට සියළු පහසුකම් ඇස් රෝහල සතුවන නමුත් පවතින තත්ත්වයන් අවස්ථාවාදී ලෙස ප්‍රයෝජනයට ගන්නා මේ හෙදියන් සුළු කොටස ''කට්ටිය නෑ, වෙලාව නෑ, ආරක්ෂාව නෑ' වැනි නොයෙක් දේ කියමින් ශල්‍යකර්මවලට සහාය දීම සීමා කරන බවද සවස 2-3 පමණ වන විට සැත්කම් අවසන් කළ යුතු බවට වෛද්‍යවරුන්ට බලපෑම් කරන බවද සැලවෙයි.
ඒනිසා දෛනිකව සේවය ලබාදීම රෝගීන් සුළු පිරිසකට සීමා කිරීමට සිදුව ඇති බවද මෙය ලංකාවේ කිසිම රෝහලක නැති අවාසනාවන්ත තත්ත්වයක් බවද වෛද්‍යවරු පෙන්වා දෙනවා.
''අධික දියවැඩියාවෙන් පෙළෙන අයට අන්ධභාවට වැළැක්වීමට එන්නතක් දෙනවා. එය සිදුකළ යුත්තේ තියටර් එකේ. හෙදියන්ගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා ඒවා ලබා දීම සීමා වනවා. ඒ නිසාම එවැනි රෝගීන් අන්ධභාවයට පත්වීමේ අවදානමක් පවා ඇතිවන්නට පුළුවන්. අනෙක් අතට මේ රෝගීන් කොරෝනා ඇන්ටිජන් ටෙස්ට් කරලා නැත්නම් මේ හෙදියන් ඔවුන් භාරගන්නෑ නෑ. එහෙත් මේ එන්නත විදින්නේ වෛද්‍යවරුන් වන අපයි. ඒ වැඩේට දොස්තරලා සූදානම්. රෝගින්ගෙන් කොරෝනා අවදානමක් ඇත්නම් අපයි බිය විය යුත්තේ. එහෙත් හෙදියන් තමන්ගේ තනි මතයට ඇන්ටිජන් ටෙස්ට් කර නැතැයි මේ අසරණ රෝගීන් හරවා යවනවා.''
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශල්‍යාගාර වෛද්‍යවරු කිහිපදෙනෙක්ම අප හා පැවසුවා. මේ අයහපත් තත්ත්වයෙන් ඇස් රෝහල මුදාගෙන රෝගීන් සඳහා ලබා දෙන සේවය විධිමත් කරදීමට සෞඛ්‍ය බලධාරීන් වහා පියවර ගත යුතු බව ඇස් රෝහලේ වෛද්‍ය අංශ මෙන්ම රෝගීන් කිහිපදෙනෙකුගේම අදහස වුණා.
මේ සම්බන්ධයෙන් අප ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා ඩබ්.එල්.එල්.යූ.සී කුමාරතිලක මහත්මියගෙන් විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ දුරකතනයෙන් ප්‍රකාශ ලබාද්මට හැකියාවක් නොමැති බවත් යම් ගැටළුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පැමිණ සාකච්ඡා කරන ලෙසත් ය.''
උපුටා ගැනීම අවසන්
''මව්බිම''