Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට 60%කට වඩා ඉහල ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඒ බැව් කියා සිටියේ ඊයේ නාවලපිටිය මහින්දානන්ද පදනම් ආයතනයේ පවැති මාධ්‍යය හමුවකදිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු  මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ,

"සමික්ෂණ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 60‍%කට වඩා ඉහල ප්‍රතිශතයක ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අපෙක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බරපතල පරාජයකට පත් වෙමින් සිටිනවා.

ඒ නිසා, එක්සත් ජාතික පක්ෂය ගෝඨාභය මහතා ඉලක්ක කර මඩ ප්‍රහාරයන් සිදු කිරිමට මුදල් වැය කරමින් සිටිනවා. එජාපය පාස්කු ඉරිදා ප්‍රහාරයට මුල් වුනු ත්‍රස්ත නායක සහරාන්ගේ බිරිදගෙන් විශේෂ ප්‍රකාශයක් කරලා විඩියෝවක් හදලා 13 වෙනිදා රැට දාන්න සැලසුම් කරලා තියෙනවා.

ඒකෙන් කියන්න උත්සහ කරනවා සහරාන් ගෝඨාභය රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ මහතා සමග සම්බන්ධතා තිබුණා කියලා." යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු ප‍්‍රබල අමාත්‍යවරයෙකුගේ නිවසේදී සාකච්ඡා සිදුකරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ සමග ද මෙම නිලධාරීන් සාකච්ඡා පවත්වා ඇති බවටයි වාර්තා පළ වන්නේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහි මඩ ප‍්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමේ සැලසුමක් පිළිබඳ විපක්ෂයේ නියෝජිතයින් මේ වනවිට කරුණු අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඉහත සාකච්ඡා සිදු කෙරෙන්නේ එම අරමුණින්දැයි සැක පළවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook