Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Follow Us on Youtube


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) දිවුරුම් දෙනු ලබනවා. එතුමා පිළිබඳ කෙටි විමසුමකි මේ.

නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා මාතර දිස්ත්‍රික්කයේ පලාටුව ප්‍රදේශයේ දී උපත ලබන්නේ 1949 ජූනි 20 දීය.  හම්බන්තොට වීරකැටිය ග්‍රාමයේ හැදී වැඩුණු එතුමාගේ පියා ඩී. ඒ. රාජපක්ෂ, මහතා  වූ අතර මව  දන්දිනා සමරසිංහ දිසානායක යි.  චමල් රාජපක්ෂ, ජයන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ, ගාන්ධිනි රාජපක්ෂ එතුමාගේ සහෝදර සහෝදරියන්. එතුමා අයෝමා රාජපක්ෂ මැතිණිය සමඟ විවාහ ගිවිස ගත් අතර මනෝජ් රාජපක්ෂ එතුමාගේ එකම පුතා වනවා.

එතුමා සිය සිය මූලික හා ද්විතීක අධ්‍යාපන කටයුතු හැදෑරූවේ  කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. මැඩ්රාස් විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද එතුමා සතුයි. කැඩෙට් නිළදාරියෙකු වශයෙන් 1971 අප්‍රියෙල් 26 වැනි දිනදී, ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු මෙතුමා, 1972 මැයි 25 වන දිනදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස සිය රාජකාරි ඇරඹුවා. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ රජරට රයිෆල්ස් හී සේවයේ යෙදුණු මෙතුමාව, 1983 වර්ෂයේදී ගජබා රෙජිමේන්තුවට මාරු කෙරුණා.

සිය විසි වසරක් වූ හමුදා දිවිය තුලදී, ශ්‍රී ලංකා ජනපතිවරු තිදෙනෙකු (ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස 2009 වසරේදී දෙමළ කොටි ත්‍රස්ථවාදීන් පරාජය කරමින්, ශ්‍රී ලංකාවේ වසර 26 ක් පැවැති සිවිල් යුද්ධය නිමා කරලීමට, ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශාල කර්තව්‍යය කොටසක්, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මෙතුමා විසින් ඉටු කරනු ලැබුවා. එසේම, 2006 වසරේ දෙසැම්බර් 1 වන දින, දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් කොළඹදී එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යංතමින් දිවි බේරා ගැනීමට මෙතුමාට හැකිවුණා.

2015 ආණ්ඩු පෙරැළියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ පරිපාලන හා දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඈත් වී කටයුතු කළ අතර, බලයේ සිටි කාලය ඇතුළත ජනමාධ්‍ය ආයතන කීපයක් සහ ඇතැම් ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණ ප්‍රහාර සහ අතුරුදහන්වීම් මෙන්ම දූෂණ වංචා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වෙන්නට වුණා. 

එම චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව නැගෙන චෝදනා හඳුන්වන ලද්දේ දේශපාලන පළිගැනීම් සහ මඩ ගැසීම් වශයෙනි.

රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන අපරාධ හා මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් 2015 බලයට පත් රජය ආරම්භ කළ අපරාධ හා මූල්‍ය පරීක්ෂණ කීපයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගෙන් අවස්ථා කීපයකදී ප්‍රකාශ ලබා ගත්තා. 

සියළු අභියෝගයන්ට මුහුණදුන් වර්ෂ 2019 අගෝස්තු මස 11 වනදා මහින්ද රාජපක්ෂ මහතා විසින් 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරනු ලැබුවා. සහ ඩී. බී. විජේතුංග) අතින්, නිර්භීතත්වය වෙනුවෙන් පිරිනමන සම්මාන හිමිකර ගැනීමට මෙතුමාට හැකිවුණා. 1983-1990 අතර කාලය තුල ක්‍රම ක්‍රමයෙන් හමුදාවේ, ඉහල තනතුරු දක්වා ගමන් කල මෙතුමා, 1990 වසරේදී "Strike Hard" සහ "ත්‍රිවිධ බලය" යන මෙහෙයුම් හී අඥාපති වශයෙන් සිය කටයුතු සිදු කලා. 1992 වසරේදී, ලුතිනන් කර්නල් පදවිය සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආඥාපති පදවිය හිමි කරගත් ගොඨාභය මහතා, එම වසරේදීම විශ්‍රාම ලබමින්, අමෙරිකා එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වුණා. එහිදී පද්ධති අනුකලණය කරන්නෙකු සහ යුනික්ස් Sඔලරිස් මෙහෙයුම් පද්ධති පරිපාලකවරයෙකු වශයෙන් එතුමා රැකියාවක නිරත වුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සිය සොයුරු, ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය වීම සඳහායි. ඒ 2005 වසරේදී.  2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, 2005 නොවැම්බරයේදී ගෝ‍ඨාභය මහතා ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කෙරුණා.

2009 වසරේ මැයි මසදී ත්‍රස්ථවාදය අවසන් කිරීමට, "යුධ වීරයෙක්" ලෙස ලබා දුන් විශිෂ්ඨ කැපවීම අගයා, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එම වසරේම සැප්තැම්බර් 6 වන දින ගෝඨාභය මහතාට, ආචාර්ය ගෞරව පදවියක් පිරිනැමුණා.

මීට අමතරව  නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තනතුර හොබවනු ලබන්නේද මෙතුමා විසින්. එසේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් නව නගර අලංකරණ ව්‍යාපෘතියට ලක්කළ ප්‍රධාන ස්ථාන:

බත්තරමුල්ල දියත උයන ,නුගේගොඩ තෙත් බිම් උද්‍යානය, අපේ ගම පරිශ්‍රය,කොළඹ තුරඟ තරග පිටිය,වේරැස් ගඟ උද්‍යානය,ආකේඩ් වෙළඳ සංකීර්ණය,කොළඹ හමුදා මූලස්ථානය.


තවත් පුවත්

Gossip Lanka Side News

Gossip Lanka Stats

Like Us on Facebook