gossiplanka alexa තුන්වන ලෝක යුද්ධයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තුන්වන ලෝක යුද්ධයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක්

තුන්වන ලෝල මහා යුද්ධය ඕනෑම මොහොතක ආරම්භ විය හැකි බව චීනය අනතුරු අඟවනවා. චීන රජයේ අනුග්‍රහය ලබන නම් පුවත් පත විසින් මේ බව හෙළිකර තිබෙනවා. 

චීනය සහ තායිවානය අතර ඇති ගැටළුකාරී තත්ත්වය මෙයට බොහෝ දුරට හේතුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තායිවානයේ ගුවන් සීමාව තුලට චීනය විසින් සිය ප්‍රහාරක ගුවන් යානා නොකඩවා යවමින් සිටිනවා. ගතවූ වසර 40ක කාලය තුළ චීනය සහ තායිවානය අතර වර්තමානයේ පවතින තරම් ආතතියක් නොපැවති බව තායිවාන ආරක්ෂක ඇමතිවරයා පවසා තිබෙනවා. 

චීනය පවසන්නේ තායිවානය යනු තම රාජ්‍යයට අයත් දූපතක් බවත් ජාත්‍යන්තර අත පෙවීම්වලට විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් ය. එසේම තායිවනයට අවි අලෙවි කීරීම සහ ඇමරිකානු නාවික යාත්‍රා තායිවානය අසල සමුද්‍ර සන්ධියේ සංචාරය කිරීම හෙළා දකින බව චීනය ප්‍රකාශ කරනවා. අවශ්‍ය වුවහොත් ඇමරිකාව සමඟ යුද්ධ කිරීමට ද තම ජනතාව සූදානම් බව චීනය පවසනවා. 

චීන ජාතික දින සැමරුමට සමගාමීව දින 4ක කාලයක් තුළ තායිවානයේ ගුවන් සීමාව උල්ලංඝනය කර ඇති චීන ප්‍රහාරක යානා ගණන 150ක් පමණ වනවා. මෙම කිසිදු යානයකට තායිවානයෙන් වෙඩි ප්‍රහාර එල්ල වී නැති  වුව ද අත් වැරදීමකින් හෝ උණ්ඩ නිකුත් වීමේ අවදානමක් ඇති බව තායිවාන් ආරක්ෂක ඇමතිවරයා පවසනවා. 

මේ අතර ප්‍රංශ සෙනට් සභාවේ සභිකයින් කණ්ඩායම දින 5ක සංචාරයක් සඳහා තායිවානයට පැමිණීම වැලැක්වීමට චීනට උත්සාහ කර ඇතත් එම උත්සාහය ව්‍යර්ථ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu