gossiplanka alexa ''තමුසෙව වෙන ලෝකෙකට අරින්න පුළුවන්, වැඩිය දැඟලුවොත් තමුසෙයි කාර් එකයි අළුවෙලා තියෙයි'' - වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''තමුසෙව වෙන ලෝකෙකට අරින්න පුළුවන්, වැඩිය දැඟලුවොත් තමුසෙයි කාර් එකයි අළුවෙලා තියෙයි'' - වෛද්‍යවරයෙකුට මරණ තර්ජන

death threats to doctorමැගසින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු විසින් බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. එම වෛද්‍යවරයාට රිෂාඩ් බදියුදීන් මරණ තර්ජන එල්ලවී ඇති බව එම පැමිණිල්ලේ සඳහන්. 

පසුගිය 15 වෙනි දින පැමිණිලිකාර ප්‍රියංග ඉඳුනිල් පුපුලේවත්ත නැමැති වෛද්‍යවරයා ‍රැඳවියන් සඳා බන්ධනාගාර ඩිස්පැන්සරිය ඇතුළත ප්‍රතිකාර ලබාදෙමින් සිටිය දී අනවසරයෙන් හා බලහත්කාරයෙන් රිෂාඩ් බදියුදීන් එම කාමරයට ඇතුළු වූ බව පැමිණිල්ලේ සඳහන්වනවා. එම අවස්ථාවේ දී වෛද්‍යවරයා ඔහුට පිටතින් සිටින ලෙසත් අවශ්‍ය තොරතුරු ලබා ගත්තට පසු ඇතුළට කැඳවන බව පවසා ඇතැයි පොලිසීය පවසනවා. 

එම අවස්ථාවේ දී පිටතට නොගිය රිෂාඩ් බදියුදීන් වෛද්‍යවරයාට තර්ජනාත්මක අයුරින් කතා කර තිබෙන බවයි පැමිණිල්ලේ වැඩි දුරටත් පැවසෙන්නේ. 

''තමන් ලොකු දොස්තර කෙනෙක් ද මට මෙහෙම කතා කරන්නේ. තමුන්ට වඩා ලොකු දොස්තරලාත් මම අඳුරනවා. මාව පරීක්ෂා කරන්න එන මගේ යාළු දොස්තරලාත් මම අඳුරනවා. මාව පරීක්ෂා කරන්න එන මගේ යාළු දොස්තරලා, බන්ධනාගාර නිලධාරිනුත් ඉවත් කරලා තමයි මට කතා කරන්නේ.

ඒ ගොල්ලෝ මගෙන් අහනවා මට මොනවද ඕන. නීතියට පිටින් හරි උදව් කරන්නම් කියලා.

උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද? මගේ යාළු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්, මගේ වැඩ කරගන්න තමුසේ ඕන නෑ.

තමුසේ දන්නෙ නැද්ද මම මොකක් කරලාද ආවේ කියලා. ඒ වගේම තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟළුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අලුවෙලා තියෙයි. එතකොට තමුසෙගෙ ගෑණිට මිනිහත් ළමයින්ට තාත්තත් නැතිවෙයි. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්. 

මට පාර්ලිමේන්තු වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි.

දොස්තර උඹ පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතනින් පලයන්. ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්''

රිෂාඩ් බදියුදීන් මේ ආකාරයෙන් වෛද්‍යවරයාට තර්ජනය කල බව වෛද්‍යවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වනවා. 

බන්ධනාගාරය තුළ දී රිෂාඩ් බදුයුදීන් එලෙස හැසිරෙන අවස්ථාවේ දී ඒ තුල ‍රැඳවියෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකු ද සිටි බවත් ඔහුගේ තර්ජනාත්මක බැණ වැඳීම් ඇසී තවත් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු ඩිස්පැන්සරිය තුළට පැමිණ රිෂාඩ් බදියුදීන් නැමැත්තාව එම ස්ථානයෙන් ඉවත්කරගෙන ගිය බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්. තමාගේ සහ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව පිණිස මෙලෙස පැමිණිල්ල සිදු කරන බව පවසන අදාළ වෛද්‍යවරයා මේ සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යතුමියට බන්ධනාගාරයේ ඒ.එස්.පී ට වාචිකව සහ ලිඛිතව පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව බො‍රැල්ල පොලිසීයට ද පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිසවරයා විසින් පොලිපතිතුමාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිතුමාගේ නියෝගය මත කොළඹ අපරාධ කොට්ඨාශය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා. 

උපුටා ගැනීම : මවුබිම පුවත්පත


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu