gossiplanka alexa ''රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පනවන්න, සංචරණ සීමා පැනවීමෙන් ප්‍රයෝජනයක් නැහැ''

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය පනවන්න, සංචරණ සීමා පැනවීමෙන් ප්‍රයෝජනයක් නැහැ''

imposing curfew instead travel restrictionකොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවා තිබුණත් ජනතාව සහ බලධාරීන් එහි අරමුණ සහ අපේක්ෂාව තේරුම් නොගෙන ක්‍රියා කිරීම නිසා වෛරසය පැතිර යාම වැළැක්වීම අපහසු වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා. 

එම නිසා පෙර වතාවේ පරිදි නිරෝධායන ඇඳි නීති කාලයක් පැනවීම අත්‍යාවශ්‍ය බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටිනවා.

''ලංකාවේ කොවිඩ් වෛරසය පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයෙන් රෝගීන් වාර්තා වීම නිසා පසුගිය 25වනදා සිට මුලු රටම අඟුළු දමා සංචරණ සීමා පැනවූවා. මෙහි අපේක්ෂා, බලාපොරොත්තුව, අරමුණ මොකක්ද කියලා මේ මොහොත වන විට ජනතාවට මෙන්ම බලධාරීන්ට ද අමතක වෙලා තියන බවක් පේනවා. නාම මාත්‍රිකව සංචරණ සීමාවක් පනවලා අපට සතු‍ටු වෙන්න පුළුවන්.  නමට අපි සංචරණ සීමා පනවා ඇති බව අපට සතු‍ටු වෙන්න පුළුවන්. ජනමාධ්‍යවල පළ කරන්න පුළුවන්. 

නමුත් අද දිනය වෙද්දි ලංකාවේ බොහෝ ප්‍රදේශවල සියළුම ව්‍යාපාර ආයතන පවත්වාගෙන යනවා. බොහෝ පිරිසක් මහා මාර්ගවල ගමන් කරනවා. විශේෂයෙන්ම මහා මාර්ගවලට වඩා වැඩි පිරිසක් ඇතුල් මාර්ගවල ගමන් කරනවා. බොහෝ ව්‍යාපාර අත්‍යාවශ්‍ය ව්‍යාපාර බවට පත් කරලා තියනවා. ඊට අමතරව අත්‍යාවශ්‍ය කියන ලේබලයට මුවා වෙලා කිසි සේත් අත්‍යාවශ්‍ය නොවන විශාල ආයතන සංඛ්‍යාවක් පවත්වාගෙන යනවා. ඒ වගේම සියළුම කාර්ය මණ්ඩල කැඳවීම් කරලා තියනවා. මේ තත්ත්වය යටතේ කිස්සේත්ම කොවිඩ් පාලනය කිරීමේ අරමුණට යා නොහැකියි. 

අපි බලාපොරොත්තු වුණා ලබන සතියෙ අග භාගය වෙද්දි රෝගීන්ගේ අඩු වීමක්. නමුත් මේ පවතින තත්ත්වයන් යටතේ වෛරසය පැතිරයාමේ සියළුම සාධක ඒ ආකාරයෙන්ම පැවතීම නිසා එසේ රෝගීන්ගේ අඩු වීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකියි. 

මුල්ම අවස්ථාවේ දී වසංගතය පාලනය කිරීමට කටයුතු කළේ නිරෝධායන ඇඳිරි නීතිය පනවලා. එවැනි තත්ත්වයක් මේ අවස්ථාවේ ද රට තුළ සිදු කළ යුතුයි''

උපුල් රෝහණ මහතා වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu