gossiplanka alexa කුසල්ට දික්වැල්ලට ධනුෂ්කට තරඟ තහනමක්, කුසල්ට උප නායක ධූරයත් අහිමිවන ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුසල්ට දික්වැල්ලට ධනුෂ්කට තරඟ තහනමක්, කුසල්ට උප නායක ධූරයත් අහිමිවන ලකුණු

cricket ban for dikwella and kusalඑංගලන්ත සංචාරයේ දී විනය නීති කඩ කරමින් ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට පැමිණ රාත්‍රියේ වීදි සංචාරයේ නිරත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

මොවුන් තිදෙනා අද දිනයේම දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය ද යොමුවී ඇති අතර කණ්ඩායම් කළමණාකරුගෙන් ඒ පිළිබද වාර්තාවක් ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ. 

ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝ දුරට මෙම ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කිරීමට ද ඉඩ ඇති බවයි. එසේම කුසල් මෙන්ඩිස්ට උප නායක ධූරය ද අහිමි වීමට ඉඩ ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ. 

ක්‍රිකට් තරඟාවලිය අතරතුර දී ක්‍රීඩකයින් ජෛව ආරක්ෂිත බුබුලක් තුළ රැදී සිටීම අනිවාර්යය කරුණක් වනවා. එසේ සිදු කරන්නේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ කවුරුන්හෝ එම නීති උල්ලංඝනය කළහොත් කොවිඩ් 19 වෛරසය කණ්ඩායම් තුළට ඇතුළු වීමේ අවධානමක් ඇති වීම හේතුවෙන්. එසේ යම් හෙයකින් වෛරසය ඇතුළු වීමක් සිදු වුවහොත් තරගාවලිය පැවැත්වීමට ද හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

පසුගිය අයි.පී.එල් තරගාවලිය පවා අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ පැවති ජෛව ආරක්ෂිත බුබුල තුළට කොරෝනා වෛරසය ඇතුළුවීම හේතුවෙන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu