gossiplanka alexa දහස් ගණන් මුදල්ගෙන කොරෝනාවට බෙහෙත් කළ ව්‍යාජ දොස්තර කො‍ටුකරගත් මෙහෙයුම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දහස් ගණන් මුදල්ගෙන කොරෝනාවට බෙහෙත් කළ ව්‍යාජ දොස්තර කො‍ටුකරගත් මෙහෙයුම

arrest fake doctorකොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට නිවසටම පැමිණ අධික මුදල් අයකර ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු සහ සහායකයෙකු අත් අඩංගුවට ගැනීමට කැස්බෑව පොලීසිය සමත්වුණා. 

එම පුද්ගලයා පැමිණි බව වෛද්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කර තිබූ වෑන් රථය හා එහි තිබූ වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ තොගය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. 

කහපොළ ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින්ට නිවාසවලට පැමිණ ප්‍රතිකාර කරන පුද්ගලයෙකු පිළිබඳ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මියට ප්‍රදේශවාසීන් විසින් පවසා තිබුණා. ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේ දී වෛද්‍ය සමන්තිකා මහත්මියට ඔවුන්ගේ දුරකතන අංකය සොයා ගැනීමට හැකිවුණා. 

ඉන්පසු වෛද්‍යවරිය කහපොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව පවසමින් ඇයගේ සහෝදරයාට කොරෝනා ආසාදිත හෙයින් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බව එම දුරකතන අංකය ඔස්සේ අදාළ පුද්ගලයින්ට දැනුම් දුන්නා. එහිදී එම වෛද්‍යවරයෙක් යැයි කියා ගන්නා පුද්ගලයා පවසා ඇත්තේ ප්‍රතිකාර කිරීමට රුපියල් 11,000-13,000ත් අතර මුදලක් අයකර ගන්නා බවයි. 

ඒ අනුව සමන්තිකා මහත්මිය එයට එකඟතාව පළකර ඔවුන්ගෙන් තම සහෝදරයාට ප්‍රතිකාර කිරීමට නිවසට පැමිණෙන ලෙස ඉල්ලා තිබෙනවා. 

වෛද්‍ය සමන්තිකා මහත්මිය මේ පිළිබඳව කැස්බෑව පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කල අතර එම නිලධාරීන් සමඟ ව්‍යාජ ලෙස වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයින් කො‍ටුකර ගැනීමට උපාය සැලසුම් දියත් කලා. ඔවුන් කහපොළ ප්‍රදේශයේ නිවසක් වෙත ගොස් එම නිවසෙහි කොරෝනා ආසාදිත රෝගීන් සිටින නිවසක් බවට හැඟවීමට නිරෝධායන පුවරු ඇලවීමට පියවර ගෙන තිබෙනවා. 

ඉන්පසු ඔවුන් පොලිස් නිලධාරීන් එම නිවසේ කාමරයක් තුළ සැඟවී සිටි අතර අදාළ නිවසේ තරුණයෙකු රෝගියෙකු සේ වෙස්වළාගෙන ඇඳ මත හොවා ඔහුගේ සහෝදරයෙකු පමණක් නිවසේ ‍රැඳවීමට කටයුතු කළා. 

ජංගම දුරකතනයෙන් වෛද්‍යවරිය ඇමතූ ව්‍යාජ වෛද්‍යවරයා තමන් කැස්බෑව ප්‍රදේශයේ රෝගියෙකුට ප්‍රතිකාර කර මඳ වේලාවකින් පැමිණෙන බව දන්වා තිබෙනවා. 

වෑන් රථයකින් පැමිණි එම පුද්ගලයා සහ සහායකයා නුසුදුසු සෞඛ්‍ය ආරක්ෂණ ඇඳුම් කට්ටලයකින්  සැරසී නිවස තුළට පැමිණ ඇඳ මත සිටි රෝගියා පරීක්ෂා කිරීමට සූදානම් වීමත් සමඟම කාමරයක් තුළ සැඟවී සිටි පොලිස් නිලධාරීන් එම ස්ථානය වටකර සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙවැනි ආකාරයෙන් රෝගීන් මුලාකර දහස් ගණනින් මුදල් ලබා ගෙන ඇති බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබුණා. 

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයා විදේශ රටකින් වෛද්‍ය උපාධිය ලබා ගත් අයෙක් බව පැවසුව ද වොඋන් සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බවත් සහායක පුද්ගලයා ඇඟලුම් කම්හලක සේවය කළ පුද්ගලයෙක් බවත් පොලීසිය පවසනවා. 

නිරෝධායනයට ලක් කර ඇති නිවසකට සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ අවසරයක් නොමැතිව ඇතුළුවීම හෝ පිටවීම කළ නොහැකි බවත් වෛද්‍යවරයෙකුටවත් එලෙස ඇතුල්වීම තහනම් බවත් වෛද්‍ය සමන්තිකා මහත්මිය පවසනවා. 

''මෙම පුද්ගලයින් රෝගය පතුරුවන වාහකයින් විදියට කටයුතු කරනවා වෙන්න පුළුවන්. මෙම පුද්ගලයින් දෙදෙනා සිදුකලේ සම්පූර්ණයෙන්ම නිරෝධායන පනත උල්ලංඝනය කිරීමක්'' ඇය වැඩි දුරටත් පවසා සිටිනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu