gossiplanka alexa 50 ට අඩු වයස් කාණ්ඩ සහ මැදිවියේ අයට කොවිඩ් අවදානම වැඩියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

50 ට අඩු වයස් කාණ්ඩ සහ මැදිවියේ අයට කොවිඩ් අවදානම වැඩියි

covid high risk age in sri lankaමේ වන විට මෙරට පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය වයස අවුරුදු 50ට අඩු සහ මැදිවියේ පසුවන අයට වැඩි වශයෙන් ආසාදනය වන බව සොයා ගෙන තිබෙනවා. 

මේ නිසා මෙම වයස් කාණ්ඩවල පසුවන්නන් තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීම ඉතා වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එසේම මෙම වෛරස් ප්‍රභේදය වයස අවුරුදු 35ට වැඩි ගර්භණී මව්වරුන්ට වැඩි අවදානම් තත්ත්වයක් ඇති කරන බව ද විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. ගර් භණී කාලයේ අවසන් මාස කිහිපය තුල සංකූලතා ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවත් එසේම දියවැඩියාව, ඇඳුම හෝ වෙනත් කායික රෝග පවතින ගර්භණී මව්වරුන්ට කොවිඩ් රෝගය වැළඳුනහොත් ඇතිවිය හැකි සංකූලතා වැඩි විය හැකි බවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක මහතා පවසනවා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ 95%ක් පමණ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ ද සුළු පිරිසකගේ බාධාකාරී හැසිරීම හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිර යන බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu