gossiplanka alexa විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු නැවක් හම්බන්තොට වරායට, වහාම ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු නැවක් හම්බන්තොට වරායට, වහාම ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමක්

නෙදර්ලන්තයේ සිට චීනය බලා ගමන් කරමින් සිටි බහාලුම් ප්‍රවාහන නෞකාවක ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අලුත්වැඩියා කටයුතු සඳහා හම්බන්තොට වරායට ප්‍රවේශ වීමට අවසර ලබා දී තිබුණා. ඒ මෙරට පිහිටි අදාළ නෞකා සමාගමේ ඒජන්තවරයා විසින් සිදුකල ඉල්ලීමකට අනුවයි. 

ලෙස වරායට ඇතුල්වන නෞකාවේ ඇති ප්‍රවාහන භාණ්ඩ පිළිබඳව කල්තියා දැනුම් දීමක් සිදු කල තිබුණත් අදාළ දේශීය ඒජන්තවරයා ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු කල නැහැ.

පසුව නෞකාව හම්බන්තොට වරායට පැමිණි පසු අනාවරණය වී ඇත්තේ එම නෞකාවේ ''යුරේනියම්" නම් විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු බවයි.

හම්බන්තොට වරායේ ප්‍රධාන පාලක නිලධාරිවරයා විසින් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුව ඒ පිළිබඳව පරමාණුක බලශක්ති නියාමන සභාව වෙත දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පරමාණුක බලශක්ති නියාමන සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම නෞකාව වහාම වරායෙන් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu