gossiplanka alexa දංකො‍ටුවෙන් ඇල්ලූ තෙල් බවුසර්වල ප්‍රමිති ආයතන වාර්තාව නිකුත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දංකො‍ටුවෙන් ඇල්ලූ තෙල් බවුසර්වල ප්‍රමිති ආයතන වාර්තාව නිකුත් වෙයි

සුගියදා දංකො‍ටුව ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගත් පිළිකාකාරක පොල්තෙල් අඩංගු බවට සැක බවුසර් දෙකෙහි තිබූ පොල්තෙල්වල අෆ්ලටොක්සින් අඩංගු බව තහවුරු වී තිබෙනවා. 

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා දුන් අදාළ පොල්තෙල් සාම්පලවල වාර්තා අනුව ඒවායේ ඇෆ්ලටෝක්සින් අඩංගු බව සනාථ වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසනවා.

මේවායේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයාටසහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය වෙත ද යොමු කර ඇති බවත් එම වාර්තා ද ලැබුණු පසු ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu