gossiplanka alexa පැතිරයන කොවිඩ් ප්‍රභේදය ඉතා භයානකයි, ජනතාවට නිවැරදි තොරතුරු ලබා දෙන්න - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැතිරයන කොවිඩ් ප්‍රභේදය ඉතා භයානකයි, ජනතාවට නිවැරදි තොරතුරු ලබා දෙන්න - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

මේ වන විට මෙරට සීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් වෛරසයේ භයානකකම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරනවා. කලින් අවස්ථාවල දී කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත වූ පසුව ඇතිවන නිව්මෝනියා තත්ත්වය දැන් රෝහල්ග තවීමටත් පෙර වැළඳී තිබීම එහි භයානකකම විදහා පාන බව ඔවුන් පවසනවා. 

පෙර දී රෝගීන් 8000ක් පමණ සිටිය දී දැඩි සත්කාර ඒකකවල ඇඳන් ගණන 16-17ක් පමණ අවශ්‍ය වුවත් නව කොරෝනා වෛරස ප්‍රභේදය යටතේ රෝගීන් 4000ක් පමණ සිටින විට දැඩි සත්කාර ඇඳන් 35-36ක් පමණ අවශ්‍ය බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඉදිරි සති දෙකක කාලය මෙරටට ඉතා තීරණාත්මක බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නේ නැත්නම් අසවැල්වැසි ඉන්දියාව මුහුණ දී ඇති තත්ත්වයට ශ්‍රී ලංකාවට ද මුහුණ දීමට සිදුවන බවත් ඔහු පවසනවා. 

එම නිසා තත්ත්වය පාලනය කිරීමට රෝගය හඳුනාගැනීම, සංචරණ සීමා පැනවීම, රෝගය පිළිබඳ ජනතාවට නිවැරදි තොරතුරු ලබා දීම සහ එන්නත්කරණය ව්‍යාප්ත කිරීම යන කරුණු හතර පදනම් වූ යෝජනා ජනාධිපතිවරයා වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

කොවිඩ් නව ප්‍රභේදය වාතයෙන් පැතිරයාමට වැඩි ඉඩ කඩක් ඇති නිසා වායුසමනය කළ සහ වාතාශ්‍රය නොමැති පරිශ්‍රවල සුළං ප්‍රවාහයක් නැති බැවින් එම වාතයේ වෛරසය වැඩි වෙලාවක් පැවතිය හැකි වනවා. වෛරසය පැතිරයන්නේ කෙළ බිඳිවලින් නිසා වෛරසය පවතින පරිශ්‍රයකට යම් පුද්ගලයෙකු මුඛ ආවරණ නොමැතිව ඇතුළු වුවහොත් වෛරසය ඉක්මනින් බෝවීමේ අවදානමක් පවතිනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu