gossiplanka alexa බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයක කොවිඩ් අනු පොකුරු, ගණනය කල නොහැකි කොරෝනා ‍රැල්ලක් ඇති වීමේ ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයක කොවිඩ් අනු පොකුරු, ගණනය කල නොහැකි කොරෝනා ‍රැල්ලක් ඇති වීමේ ලකුණු

සුගිය කාලයේ දී ජනතාවට රට පුරා නිදැල්ලේ යෑමට ඉඩ දීමෙන් ගණනය කල නොහැකි විශාල කොරෝනා ‍රැල්ලක් නිර්මාණය වී ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

මෙම තත්ත්වය හේතුවෙන් සමාන්‍ය ජනතාවගෙන් බොහෝ ප්‍රමාණයක් දැඩි අවදානමට ලක් වී ඇති බව ඔවුන් පවසනවා. එසේම මේ හේතුවෙන් මරණ ප්‍රමාණය පවා ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වයට හේතූන් ලෙස ඔවුන් ප්‍රධාන වශයෙන් පෙන්වා දෙන්නේ උත්සව සමයේ දී බස්, දුම්රිය පොදු ප්‍රවාහනය තුළ නිසි දුරථභාවය ක්‍රියාත්මක නොවීම, පාසැල් ආරම්භය සමඟ බොහෝ පිරිස් සෞඛ්‍ය ක්‍රමවේද අමතක කර දැමීම, පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණවත් ලෙස සිදු නොකිරීම වැනි කාරණාය. 

ජනතාවගේ නොසැලකිල්ල හේතුවෙන් අප්‍රේල් මස 01 වනදා සිට මේ දක්වා කුලියාපිටිය සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 140ක් පමණ හඳුනාගෙන තිබෙනවා.

එසේම කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන සේවිකාවන් 06 දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් බව හඳුනාගෙන තිබෙනවා. 

පයාගල නාගහදූව ප්‍රදේශයේ ද මේ වන විට අළුත් කොරෝනා පොකුරක් නිර්මාණය වී තිබෙනවා. ඉකුත් 13 වැනි දින ඒරියකන්ද ක්‍රීඩාංගනයේ දී පැවැත් වූ දෙදින ක්‍රිකට් තරඟාවලියක් හේතුවෙන් මෙම පොකුර ඇති වී ඇති බවයි පැවසෙන්නේ. 

මේ අතර අනපේක්ෂිත අන්දමට ඉකුත් පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ ප්‍රතිශතයක් බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීම හේතුවෙන් කොවිඩ් අනු පොකුරු බිහිවීමේ අවදානමක් නිර්මාණය වෙමින් පවතින බව අනාවරණය වී තිබෙනවා.

පිටකො‍ටුවේ පිහිටි බැංකුවකින් කොවිඩ් ආසාදිතයින් 35 දෙනෙකු ද, කොළඹ මහ නගර සභා බල සීමාව තුළ ආසාදිතයින් 18 දෙනෙකු ද, පිළියන්දල හා ඒ අවට ප්‍රදේශවලින් ආසාදිතයින් 31 දෙනෙකු ද, බණ්ඩාරගම නගරයේ රන් භාණ්ඩ අලෙවිසැලකින් ආසාදිතයින් තිදෙනෙකු ද, කළුතර රාජ්‍ය බැංකුවක එක් අසාදිතයෙකු ද මේ වන විට අනාවරණය කර ගෙන තිබෙනවා.

එසේම කුරුණෑගල කර්මාන්තශාලාවකින් ද කොවිඩ් අනු පොකුරක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. බදුල්ල නගරයේ රාජ්‍ය බැංකුවක සේවය කරන සේවක සේවිකාවන් 09 දෙනෙකු ද ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් ආණ්ඩුව කොරෝනා වසංගතය පාලනයට විද්‍යාත්මක ක්‍රමවේදයක් ආරම්භ නොකරන තාක් රෝගය සමාජයෙන් තුරන් කළ නොහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu