gossiplanka alexa කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ලංකාවට පැමිණ ඇත්දැයි පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ලංකාවට පැමිණ ඇත්දැයි පරීක්ෂණ

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද දෙකක් මේ වන විට ලොව පුරා හඳුනාගෙන තිබෙනවා. ඉන් එක් ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ අතර අනෙක් ප්‍රභේදය වාර්තා වූයේ දකුණු අප්‍රිකාවෙන්. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වෛරස ප්‍රභේද ආසාදිතයින් මේ වන විට ලොව පුරා රටවල් 23කින් සොයා ගෙන තිබෙනවා. 
 
එසේම මෙම වෛරස් ප්‍රභේද දෙකම ආසාදනය වූ පුද්ගලයින් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී තිබෙනවා.

නව කොරෝනා වෛරස් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් මේ වන විට බ්‍රිතාන්‍යය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

මෙම නව වෛරස් ප්‍රභේදය ලංකාවට පැමිණ ඇත්දැයි සොයා බැලීමට විශේෂ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වෙනම ජානමය පරීක්ෂණයක්සිදු කළ යුතු බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප‍්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂකවරයා පවසා තිබෙනවා.

මේ සඳහා දැනට බ්‍රිතාන්‍යයෙන් ලංකාවට පැමිණ සිටින ඉලක්කගත ආසාදිතයින්ගේ සාම්පල ලබා ගෙන ඇති බව අධ්‍යක්ෂකවරයා පවසනවා.

මෙරටදී සිදුකරන සාමාන්‍ය ඵ්ඡ්ර්‍ පරීක්ෂණයකින් මෙම ප‍්‍රභේදය ද ඇතුළත් විය හැකි කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගත හැකි වුවත් එම පරීක්ෂණවලින් නව වෛරස් ප‍්‍රභේදය ආසාදිත ඉලක්ක ගත පුද්ගලයින් මගහැරීමේ සම්භාවිතාවක් පවතින බවයි අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu