gossiplanka alexa ඇඟලුම් ආයතනයට වෛරසය ආවේ කොහොමද ? ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වෙත ද අවධානය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇඟලුම් ආයතනයට වෛරසය ආවේ කොහොමද ? ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වෙත ද අවධානය

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි මේ වන විට පුළුල් ලෙස විමර්ශනය කරමින් පවතිනවා. මින් පෙර ඉන්දියාවෙන් එම ආයතනයට පැමිණි නිලධාරින් නිසා එය පැතිරුණු බවටද ආරංචියක් පැතිර ගියා. ඒ පිළිබඳව ද සෛඛ්‍ය අංශ පරීක්ෂණ සිදු කරනබවට වාර්තා වුණා.

නවතම තොරතුරුවලින් මෙම පරීක්ෂණ තවත් අංශවෙත යොමුව තිබෙනවා. පසුගිය මස 25 වන දින මෙම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 39 දෙනෙකු කටුනායක එයාර් පෝට් ගාර්ඩ්න් හෝටලයේ පැවති සාදයකට සහභාගී තිබෙනවා. එම හෝටලය ගුවන් සේවාවල සේවය කරන පිරිස් නිරෝධානයනය සඳහා යොදා ගන්නා ස්ථානයක්.

මෙම සාදයට සහභාගී වූ පිරිස අතරින් 8 දෙනෙකුටම නව කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් එම නිලධාරියෙක් හරහා එම ආයතනය තුලට වෛරසය පැමිණියාදැයි සොයා විමර්ශන කටයුතු සිදුවනවා.

එසේම මෙම ආයතනය තුළ තිබූ සාදයකට පසුගිය මස 26 වන දින  ජනප්‍රිය සංගීත කණ්ඩායමක්ද සහභාගි කරවාගෙන තිබෙනවා. එම සංගීත කණ්ඩායනේ 13 දෙනෙකු කර්මාන්තශාලාවට පැමිණ තිබූ අතර ඔවුන් හරහා  මෙම වෛරසය ව්‍යාප්ත වූවාදැයි සැක මතුව තිබෙනවා. ඒ පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu