gossiplanka alexa රට නැවතත් වසා දමනවා ද? ජනතාව ස්වයං ඇඳිරි නීතිය පනවාගෙන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රට නැවතත් වසා දමනවා ද? ජනතාව ස්වයං ඇඳිරි නීතිය පනවාගෙන

න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ගොඩනැගුණු කොරෝනා පොකුරෙහි සියලු ආශ්‍රිතයින් මේ වන විට සොයා ගෙන නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා යළි රට වසා  දැමීමක් සිදු නොකරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලය්න් ආශ්‍රිත සියළුම දෙනා මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඔවුන් ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට යොමු කර ඇති බවත් හමුදාපතිවරයා පවසනවා. එසේම ආසාදිත රෝගීන් ද ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි හමුදාපතිවරයා පවසන්නේ.

ඉදිරියේ දී තවත් කොරෝනා ආසාදිතයින් හමුවීමට හැකියාව ඇතත් ඒ පිළිබඳව ද අවශ්‍ය ක්‍රියා මාර්ග මූලික වශයෙන් ගෙන ඇති බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු හරහා කොරෝනා වෛරසය රාජාංගනය  ප්‍රදේශයට පැතිර යාම හේතුවෙන් මේ වන විට පාසැල් සිඩුන් ඇතුළු 300 දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර සිටින අතර එම ප්‍රදේශයට දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.

මේ අතර, අද දිනයේ දිවයිනේ බොහොමයක් ප්‍රදේශවල ජනතාවගේ ගැවසීම විශාල වශයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වනවා. රජයෙන් ඇඳිරි නීතියක් පැනවූයේ නැතිව ද ජනතාව ස්වයෂ් ඇඳිරි නීතියක් පනවා ගෙන ඇති බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu