gossiplanka alexa එහෙයියන් අතර නොබියව කතා කරන අපේ රතන හාමුදුරුවෝ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එහෙයියන් අතර නොබියව කතා කරන අපේ රතන හාමුදුරුවෝ

බටද මටද මේ මව් බිමේ නිදහසේ හුස්ම ගන්නට හැකියාව ලැබෙන්නේ රට නිදහස් වූ විට පමණි . ත්‍රස්තවාදයෙන් නිදහස් වූ රට දැන් නිදහස් විය යුත්තේ මේ අන්තවාදී  ආකල්ප වලිනි .  එලෙස වීමට නම් රටට ජාතියට ආදරය  කරන වගකියන පුද්ගලයන්  රට ගැන තීන්දු තීරණ ගතයුතුය. රට ගැන තීන්දූ තීරණ ගන්නා පාර්ලිමේන්තුව තුළ එවැනි  වටිනා පුද්ගලයින් සිටිය යුතුය. මේ ද එවැනි රත්නයකි.

අතුරලියේ  රතන හිමි... උන්වහන්සේ මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ග්‍රාමය තුළ උපත ලබා ඇත. ආචාර්‍යවරුන් දෙදෙනෙක් යටතේ පැවිදි දිවියට ඇතුලත්වන  උන්වහන්සේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදි ගෞරව උපාධිය ලබා ගන්නේ  එම විෂයට වැඩිම ලකුණු ලාභියා ලෙසය.  විශ්වවිද්‍යාලය තුළ උන්වහන්සේ කැපී පෙනෙන ශිෂ්‍ය නායකයකු විය. එවකට ඉන්දියානු රජය සමඟ අත්සන් කළ  ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව කටයුතු  කළ ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කැපීපෙනෙන ශිෂ්‍යයෙකු විය. ඒ නිසාම එම ගිවිසුම  අත්සන් කිරීමට මසකට පෙර  උන්වහන්සේ ඇතුළු ශිෂ්‍යනායකයින් සියයකට වැඩි පිරිසක්  හදිසි නීතිය යටතේ  අත් අඩංගුවට ගෙන  මාස පහක  පමණ කාළයක්  බන්ධනාගාර  ගත කර තබන්නට විය.   

අතුරලියේ රතන හිමියන් හැමවිටම තම උපරිම ශක්තියෙන් රටට  එන කරදර වලදී ඒ වෙනුවෙන් පෙනීසිටිමින්  රටට  වින කරන බොහෝ කාරණා අතුගා දමන්නට මූලික විය . ඒ උන්වහන්සේ සැමවිටම දේශමාමක භික්ෂූන් වහන්සේනමක් නිසාවෙනි. එම හැඟීම  අද ඊයේ ඇති වූවක් නොව , එය කාලයක් පුරා උන්වහන්සේ තුළ තිබෙන රට  ගැන ඇති කැක්කුමකි.

පාර්ලිමේන්තුව  තුළ නොභියව තම අදහස් ප්‍රකාශ  කරන්නට උන්වහන්සේ  කටයුතු  කරයි. අන් අයගේ  හිත්  අමනාපකම්  ඇති වීම වළක්වාගන්නට  අන් අය  ගන්නා සියලු තීන්දු තීරණ  වලට එහෙයි කියන  ප්‍රතිපත්තියක්  උන්වහන්සේ තුළ නොවේ.

එසේනම් ඔබට අවස්ථාවක් එළඹ ඇත. උගත් බුද්ධිමත් යන නිර්ණායකය  සහ රට  ගැන ඇති  ආකල්පය පිලිබඳවත් සලකා ඔබේ මනාපය ලබා දිය යුතු  අවස්ථාව මෙය වේ. එසේ නොවුණහොත් පරණ පුරුදු ලෙස අපි නැවත ඡන්දයක්  එනතුරු හූල්ලමින්  බලාසිටිනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu