gossiplanka alexa වැඩ කරන රටකට වැඩ කරපු නායකයෙක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැඩ කරන රටකට වැඩ කරපු නායකයෙක්

https://www.gossiplanka.com/2020/07/madura-vithanage-article.html
හජන මුදල් ගසාකන, අපතේ යවන දේශපාලනයක එසේ නොවන ජනහිතකාමි නායකයින් ඉතාම අල්පය. ණය බරින් පීඩිතව සිටින දේශයකට එවන් සද්භාවයෙන් යුතුව දේශපාලනයෙ යෙදෙන පිරිස ආශිර්වාදයක් වන්නෙ එබැවිනි. 

ජනතාව විසින් කඩිනමින් ඔවුන් සොයාගැනීම කළ යුත්තේමය. නැතහොත් වංචනික, දුෂිත පාලකයන් එක්ව ශ්‍රී ලංකාව ඈවර කරදමනු නියතය.

ගැටළුව වන්නේ අවංක දේශපාලකයින් සෙවීම කළුනික සෙවීමටත් වඩා අපහසු වීමයි.

කෝට්ටෙ නගරසභාවේ නගරාධිපති මධුර විතානගේ ගැන යම් සඳහනක් කිරීම මෙහිදී වැදගත් වේ. ඒ ඔහු ක්‍රියාවෙන් බොහෝ දේ කර පෙන්වු දක්ෂ පාලකයෙකු බැවිනි.

තමන්ට හිමි නිල රථය ප්‍රතික්ෂේප කරන මධුර විතානගේ එම මුදලින් නගරසභාවේ සෞඛ්‍ය අංශයට කැබ්රථ තුනක් ලබාගනී. පොදුජන හිතවාදි පාලකයකුගෙ කාර්යභාරය ඔහු මැනවින් හඳුනාගෙන ඇති බවට එය මනා උදාහරණයකි.

නගර සභාවෙ දිරාපත්වෙමින් පැවති මිලියන 100 කට අධික වටිනාකමකින් යුතු වාහන 15 ක් නැවත භාවිතයට සුදුසු ලෙස සකසන මධුර විතානගේ රජයට විශාල මුල්‍යමය ඉතිරියක් සිදුකර පරිණත පාලකයකුගෙ ලක්ෂණ ප්‍රකට කරයි. ජනතා මුදල් කෝටි ගණන් විනාශ කරන දුෂිත දේශපාලුවන් අතර මධුර සැබෑ දේශපාලකයකු වන්නේ එලෙසිනි.

නගර සභාවේ අපජලය ප්‍රතිචක්‍රීකරණයට කටයුතු කර එම ජලය වගා ව්‍යාපෘති සහ වාහන සේදීම වැනි කටයුතු කෙරෙහි භාවිතා කිරීමට ඔහු ක්‍රියාකරයි. කසල ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ තවමත් සාකච්ඡා මට්ටමේ පවතින යුගයක ඔහු පියවර ගණනාවක් ඉදිරියෙන් සිට කෝට්ටේ ජනතාවට එහි ප්‍රතිලාභ හිමිකර දෙයි.

නගරයේ තරුණයින්ගෙ හැකියාවන් වර්ධනයට හා එමගින් රටට සේවයක් කිරීමට ඔහු ක්‍රියාකර ඇත.  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදවාගැනීමේ අරමුණින් පුනතරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ඔහු සිදු කළ මහඟු සේවාවක්.  ලංකාවේ මුල් වරට සියලුම නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් ග්‍රහලෝකාගාරයක් සහිත විද්‍යා මධ්‍යස්ථානයක් හා ශ්‍රවණාගාරයක්  සහ වැඩිහිටි දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් සැකසීම ඔහුගේ සේවයේ කැපීපෙනෙන තවත් ලක්ෂයන් වෙයි.

වැඩ කළ හැකි නායකයන් සොයන යුගයක වැඩ කළ, කළහැකි නායකයෙකු ලෙස මධුර විතානගේ හැඳින්වීම යුක්ති යුක්තය. සැබැවින්ම රටට අවැසිවන්නේ මව්බිමට ආදරය කරන, ජනතාව වෙනුවෙන් කැපවෙන බුද්ධිමත් නායකයන්ය. ඔවුන් සුලභ නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu