gossiplanka alexa බදුර්දීන්ගේ මෙයවීමෙන් තුර්කි ආධාර යටතේ අන්තවාදී පාසැල් 30ක් ලංකාවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදුර්දීන්ගේ මෙයවීමෙන් තුර්කි ආධාර යටතේ අන්තවාදී පාසැල් 30ක් ලංකාවේ

gossiplanka.com/2020/06/extremist-schools-srilanka.html
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ප්‍රකාශ කර ඇත්තේ රිෂාඩ් බදුර්දීන්ගේ මෙහෙයවීමෙන් අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට තුළ ක්‍රියාත්මක වන බවයි. 30කට ආසන්න ප්‍රමාණයක් මෙම ජාලය තුළ පාසැල් පිහි‍ටුවා ඇති බවත් ඒ සඳහා තුර්කි ආධාර ලබා දෙන බවත් උන්වහන්සේ එහිදී ප්‍රකාශ කර සිටියා.

ඉහ්වාන් හා ජමාතේ යන ඉස්ලාම්  අන්තවාදි මතයන් දරණ පුද්ගලයින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යනු ලබන මෙම පාසැල් තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප‍්‍රදේශවල පිහි‍ටුවා ඇති බවයි උන්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ. එම පාසැල්වල නම් වරින් වර වෙනස්කරන බැවින් ඒවා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා. එසේම අන්තවාදීන් මෙරටට එවන මුදල් ගණනය කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති බවත් ඥාණසාර හිමියෝ කියා සිටියා.

තමන් මෙම අන්තවාදින් ගැන කොතෙක් හෙළි කලද පාස්කු ප්‍රහාරය එල්ලවන තෙක් එම තොරතුරු ගැන කිසිවෙක් අවධානය යොමු නොකල බව උන් වහන්සේ චෝදනා කරනවා. පසුගිය ආණ්ඩුව සමයේ දී තමන්වහන්සේව ත්‍රස්තවාදියෙකු යැයි ෆේස්බුක් ආයතනයට දැනුම් දී ඇති නිසා එම ආයතනය විසින් තමන්ගේ පිංතූර සහ නම පවා වාරණය කර ඇති බව උන්වහන්සේ කියා සිටියා.

අවස්ථා ගණනාවකදීම තමන් ඉස්ලාම් අනතවාදීන් ගැන තොරතුරු හෙලි කලද ඒ සම්බන්ධයෙන් සුළුවෙන් හෝ අවධානයක් යොමු කළේ  එවකට හිටපු ආරක්‍ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා පමණක් බවත් ඔහු දැන් මෙරට ජනාධිපතිවරයා බැවින් අන්තවාදීන් මැඬලීමට සාධනීය ක්‍රියාමාර්ගයක් ගනු ලබනු ඇතැයි විශ්වාස කරන බවත්  පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu