gossiplanka alexa කැබිතිගොල්ලෑවෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාව නිසා කොරෝනා පොකුරක් ඇති වෙයිද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කැබිතිගොල්ලෑවෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාව නිසා කොරෝනා පොකුරක් ඇති වෙයිද ?

https://www.gossiplanka.com/2020/06/corona-risk-explain.html
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගී වි සුවය ලැබූ කැබිතිගොල්ලෑවේ කාන්තාවකට නැවත එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟම බාහිර සමාජයෙන් නැවතත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වුණා. වයස 36ක් වූ මෙම කාන්තාව කුවේට් හි සිට පැමිණි අයෙක් වන අතර ඇය කොරෝනා වෛරසය ආසාදිතව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබ සුවය ලබා තිබුණා. 

නැවත එම කාන්තාවට වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇය නැවතත් කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. කොරෝනා ආසාදිත රෝගීන්ගේ ශරීරයේ තිබෙන මියගිය කොටස් නිසා ඔවුන් නැවත වෛරස් රෝගීන් බවට පත් වන බවයි වෛද්‍යවරු පවසන්නේ. සාමාන්‍යයෙන් කොරෝනා ආසාදිතයෙකු සුව වී රෝහලෙන් පිටව යාමට පෙර දෙවතාවක් පරීක්ෂණයට ලක් කරන අතර මෙම කාන්තාවටද එසේ පරීක්ෂණ සිදු කළ බව  සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

එසේම මෙවැනි රෝගීන් සම්පූර්ණයෙන්ම විෂබීජ හරණයකට ලක්ව ඇති නිසා ඔවුන්ගෙන් බාහිර සමාජයට වෛරසය බෝවීමේ අවදානමක් නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටිනවා. මෙම කාන්තාවගේ නිවසේ සමාජිකයින් හෝ ඔවුන් ඇසුරු කළ කිසිවෙකුත් නිරෝධායනයට යොමු කර නැති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩි දුරටත් කියා සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu