gossiplanka alexa අනිල් ජාසිංහට තොණ්ඩමන්ගේ අවමඟුල් සංවිධායකගෙන් තර්ජනයක්, තොන්ඩමණ්ගේ පුතාට එරෙහි පැමිණිල්ලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අනිල් ජාසිංහට තොණ්ඩමන්ගේ අවමඟුල් සංවිධායකගෙන් තර්ජනයක්, තොන්ඩමණ්ගේ පුතාට එරෙහි පැමිණිල්ලක්

https://www.gossiplanka.com/2020/05/thondaman-funeral.html
භාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇඳිරි නීතිය පවා න්තකා වතු කම්කරුවන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. ඇඳිරිනීති බලපත්‍ර නොමැති පිරිස් ආරක්ෂක අංශ විසින් ආපසු හරවා යැවූව ද තවත් බොහෝ පිරිසක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අවමංගල්‍යයට සහභාගී වීමට පැමිණෙමින් සිටින බව වාර්තා වනවා. 
ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටින්නේ නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් පවා නොතකා  නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් මෙසේ ජනතාව ‍රැස්වීමේ දී කිසිවෙකුට හෝ කොරෝනා වසංගතය ආසාදනය වී රෝගීන් පොකුරක් මතු වුවහොත් ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බවයි.

මෙම අවමඟුල් උත්සවයේ සංවිධායකවරයෙකු වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දුරකතනයෙන් තර්ජය කර ඇති බවත් මෙසේ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරීවලට බාධා කිරීමට පුද්ගලයින්ට බලය දී ඇත්තේ කවුරුන්දැයි සොයා බලා නිසි පියවර ගත යුතු බවත් සභාපතිවරයා ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා.

මෙසේ කටයුතු සිදුවීම ජනතාවට වැරදි පූර්වාදර්ශයක් ලබා දීමත් බවත් එයින් ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයද තවත් හෙම්බත් කරවන බවත් ඔහු කියා සිටිට්නවා.

රාජ්‍ය අංශ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයපසුගිය කාලයේ දී කල කැපකිරීම් නොතකා මෙවන් අසික්කිත දේශපාලන ව්‍යාපෘති සිදු කිරීම නිසා ජනතාවගේ කැපවීම අඩු වී ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.

මේ අතර තොණ්ඩමාන් මහතාගේ පුත්‍රයා වන ජීවාන් තොණ්ඩමන්ට එරෙහිව අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශයේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. සිංහලයේ සංවිධානය විසින් ගොනු කර ඇති මෙම නඩුවෙන් කියා සිටින්නේ මේ වන විට පනවා ඇති නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් ඔහු කටයුතු කරන බවයි.

එසේම විදෙස්ගතව සිට පැමිණි, තොණ්ඩමන් මහතාගේ දියණියට මෙම අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වීමට අවසර ලබා දී තිබෙනවා. දින 14ක නිරෝධායනයට යොමු කර සිටි ඇයගේ බලවත් ඉල්ලීම මත අදාල සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව මෙසේ අවමඟුල් කටයුතු වලට සහභාගි වීමටයි අවසර ලබා දී ඇත්තේ. 








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu