gossiplanka alexa Breaking News - කොළඹ කො‍ටුව 'ගෆූර්' ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Breaking News - කොළඹ කො‍ටුව 'ගෆූර්' ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම හුදකලා කෙරේ

https://www.gossiplanka.com/2020/05/gafur-building.html
වැලිසර නාවික හමුදා කඳවුරේ සහ එහි රෝගීන්ට ප්‍රතිකාර කරන වැලිසර රෝහලට අවශ්‍ය සේවා සැපයීම සඳහා යොදා සිටි නාවික හමුදා නිලධාරීන්ගෙන් එක් අයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. 
මෙම නාවික හමුදා නිල්ධාරීන් රඳවා සිට ඇත්තේ කොළඹ කො‍ටුව ප්‍රදේශයේ පිහිටි 'ගෆූර්' ගොඩනැඟිල්ල තුළයි. මේ හේතුව නිසා එම ගොඩනැගිල්ලේ සිටි 200කට ආසන්න පිරිසක් සමඟ එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 200කට ආසන්න නාවික හමුදා පිරිසක් එම ගොඩනැගිල්ල තුළම නිරෝධායනයට ලක්වන බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටින්නේ.

වැලිසර රෝහලට අවශ්‍ය සේවා සැපයීමට යොදා ගත් මෙම නාවික පිරිස බාහිර සමාජය සමඟ කිසිම විටක දී මිශ්‍ර නොවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා කියා සිටිනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu