gossiplanka alexa කුවේට්වලින් ලංකාවට බෝම්බයක්, විදේශිකයින් ගෙන්වා ගන්නා ගුවන් ගමන් වහාම අත් හි‍ටුවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුවේට්වලින් ලංකාවට බෝම්බයක්, විදේශිකයින් ගෙන්වා ගන්නා ගුවන් ගමන් වහාම අත් හි‍ටුවයි

කුවේට්වල කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින් ‍තෝරා බේරාගෙන ඔවුන් ලංකාවට එවූ බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කරනවා. කුවේට් වලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් මෙරට රජය විසින් දිවයිනට ගෙන්වා ගැනීමට ‍තෝරා නොගත් බවත් එම රටෙන් ඔවුන්ව ‍තෝරා ලංකාවට එවූ බවත් ඔහු කියා සිටිනවා. 


එසේ කුවේට් රජයෙන් කොරෝනා ආසාදිත රෝගීන් දිවයිනට එවීම ලංකාවට බෝම්බයක් ගැහුවා වැනි ක්‍රියාවක් බවයි ඔහු පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් කියා සිටින්නේ.

මේ අතර අද (26) කටාර් රාජ්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් 273 දෙනෙකු ‍රැගෙන මෙරටට පැමිණීමට නියමිත තිබූ ශ‍්‍රී ලන්කන් ගුවන් යානය අවලංගු කර අවලංගු කර තිබෙනවා. සෞඛ්‍ය නිලධාරීන් රජයට පෙන්වා දී ඇත්තේ නාවික හමුදාවෙන් හමුවූ කොරෝනා ආසාදිත පොකුර සම්පූර්ණයෙන් අවසන් කිරීමට පෙර විදෙස්ගත පුද්ගලයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම ඉතා අවදානම් කාරණාවක් බවයි.

නිරෝධායන මධ්‍යස්ථාන තුළ ඉඩකඩ පහසුකම් නොමැති වීමත් ඉඩ පහසුකම් ලැබෙන පරිදි ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගත යුතු බවත් සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. විදෙස්ගත පුද්ගලයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු නැවත කොරෝනා පොකුරක් ඇති වුවහොත් ඔවුන් සඳහා ද අවශ්‍ය නිරෝධායන පහසුකම් සැලසිය යුතු බව ද ඔවුන් පෙන්වා දුන්නා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu