gossiplanka alexa අගමැතිගේ සාකච්ඡාවට අපි එන්නේ නැහැ - ලිපියක් නිකුත් කරමින් ජවිපෙ නායකයා කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැතිගේ සාකච්ඡාවට අපි එන්නේ නැහැ - ලිපියක් නිකුත් කරමින් ජවිපෙ නායකයා කියයි

මැයි මස 4 වනදා අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව එම පක්ෂය ලිපියක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක විසින් මෙම ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.


යොමු කර ඇති ලිපියේ සඳහන් වන්නේ කොරෝනා ව්‍යසනය පිළිබඳව සාකච්ඡා කිරීමට ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව කැඳවනවා වෙනුවට හිටපු මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයට කැඳවීමෙන් ඵලක් නොවන බවයි.

පහත දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් අග්‍රාමාත්‍යවරයාට යොමු කළ සම්පුර්ණ ලිපියයි.

අග්‍රාමාත්‍යතුමා,
අග්‍රාමාත්‍ය කාර්යාලය,
කොළඹ 02.

ගරු අග්‍රාමාත්‍යතුමනි,
අග්‍රාමාත්‍යතුමා විසින් කැඳවා ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ
රැස්වීම පිළිබඳවයි

රටේ වර්තමානයේ පවතින තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 මැයි 04 දින පෙ.ව. 10.00ට අරලියගහ මැදුරේදී පැවැත්වෙන බැවින් ඊට සහභාගී වන ලෙස මටත් අප පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ටත් දන්වා එවා තිබේ.

එසේම, ජනමාධ්‍ය විසින් පළකරනු ලැබූ ප්‍රවෘත්තියකින් කියවුණේ මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ටම ආරාධනා කර ඇති බවය.


කොරෝනා ව්‍යසනය පැරදවීම සඳහාත්, ඒ හා බැඳුණු ජන ජීවිතයේ පවතින දුෂ්කරතාවලට විසඳුම් සෙවීමටත් පක්ෂයක් ලෙස හැමවිටම අපි අපේ මැදිහත්වීමත් සහයෝගයත් ලබාදී ඇත්තෙමු. ඉදිරියේදීද අපගේ මැදිහත්වීම ලබාදෙමු.

කොරෝනා ව්‍යසනය පැරදවීමට හා පවතින තත්ත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව යළි කැඳවනවා වෙනුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල සහිත දෙයක් ලෙස අපි නොදකිමු. 

විශේෂයෙන්ම මෙම ව්‍යසනයට මුහුණදීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අප පක්ෂය ඇතුළු බොහෝ දෙනා ඉල්ලා තිබියදී එවැන්නක් නිර්මාණය කිරීමට පවා මේ වන තෙක් කටයුතු නොකළ තත්ත්වයක් තුළ මෙලෙස සියලු හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඵලදායී නොවන බව අපේ අදහසයි.

අනෙක් අතට කොරෝනා ව්‍යසනයට මුහුණ දීමට හා පීඩාවට පත් ජනතාවට සහන සැපයීම පිළිබඳ සාකච්ඡා කිරීමට නම් කළයුතු හොඳම දේ වන්නේ ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් සියලු දෙනා කැඳවා අදාළ කාර්යය සඳහා ඔවුන්ගේ සහය ලබාගැනීම යැයි අපි සිතමු. 

මීට පෙර අගමැතිවරයා ලෙස ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ පක්‍ෂ නායකයින්ගේ සාකච්ඡාවට අප පක්‍ෂය සහභාගී වූ බවද එහිදී අප පක්‍ෂයේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ බවද මෙහිලා සඳහන් කරමු.

අනෙක් අතට අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසක්ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුවක් පිළිබඳවද සමාජය තුළ මේ වනවිට සාකච්ඡාවක් මතුවී තිබේ. 

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වන්නේ නැත.

එබැවින් මෙම රැස්වීම කැඳවන්නේ ඉහත ගැටලුව සඳහා නම් ඒ සඳහා ගත යුතු නිවැරදි පියවර වන්නේ,
01. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව යළි කැඳවීම හෝ නොඑසේ නම්

02. මෙවැනි තත්ත්වයක් තුළ ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බව අපි දැඩිව විශ්වාස කරමු.

එසේ නොමැතිව ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින්ම නිර්මාණය කරමින් තිබෙන අර්බුදය පිළිබඳව හිටපු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ප්‍රතිඵලදායක නොවන බව අප විශ්වාස කරන හෙයින් මැයි 04 වන දිනට කැඳවා ඇති රැස්වීමට මා ඇතුළු අප පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව මෙයින් දන්වා සිටිමු.

මෙයට විශ්වාසී,
අනුර දිසානායක (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)
පක්ෂ නායක - ජනතා විමුක්ති පෙරමුණ
2020.05.01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu